Monday, April 4, 2016

අද ලොකුම ගැටළුව හාමුදුරුනමක් ඇඟිල්ල දිගු කිරීමද?

ස්වාමින් වහන්සේ නමක් මැදගිල්ල දිගු කරගෙන සිටින ඡායාරුපයක් මේ දින වල සමාජ වෙබ් අඩවි වල ප්රසිද්ධ වෙමින් පවතී. එම ඡායරුපය පිළිබද විවේචනය කරන බොහෝ දෙනෙක් එම ඡායාරූපය කොතැනකදී ගත්තක්දැයිවත් නොදන්නා බවක් පෙනෙයි. විවේචකයන්ගෙන් එම ඡායාරුපය ගෙන ඇති අවස්ථාව ඇසුවහොත් නිරුත්තර වනවාට සැකයක් නැත. එම ඡායාරුපය ගෙන තිබෙන්නේ කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදෙනමෙන් ඉල්ලා ආගමන විගමන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට පැවැත්වූ උද්ගෝෂණයක දී ය. කුමාර් ගුණරත්නම් යනු ජනතා විමුක්ති පෙරමුණේ සිටි ප්රභල සටන්කාමියෙකි. දැන් ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඡායාරූපයේ සිටින ස්වාමින් වහන්සේ සිදුකරන්නේ ද හරි දෙයක් නම් නොවේ. හේතුව බෞද්ධ සමාජයේ ගිහියෙකු මෙවන් ක්රියාවක් කලද බෞද්ධයන් විසින් ගෞරවයට පාත්ර වූ චීවරය දරාගෙන සිටින ස්වාමින් වහන්සේ කෙනෙකු මෙවන් ක්රියාවක් කිරීම බෞද්ධ සමාජය අනුමත නොකරන්නයි. බෞද්ධයන් කිසිසේත් ස්වාමීන් වහන්සේ නමකගේ මෙවැනි හැසිරීමක් බලාපොරොන්තු වන්නේ ද නැත. ඒ එක් කෝණයක් පමණි. මෙහි තවත් පැති කිහිපයක් ඇත. ශ්රී ලංකාවේ ඉපැදී ලංකාවේ හැදී වැඩුණු කුමාර් ගුණරත්නම්ට ලංකාවේ පුරවැසි භාවය නොදීම හා ඔහු සිරගත කිරීම ගැන සිත් වේදනාවෙන් සාධාරණය පතා විරෝධතා පවත්වද්දී ඔවුට පොලිසියෙන් ද අසාධාරණයක් සිදුවන මොහොතක හැඟිම් පිට කළ එක මොහොතක් ලෙස එය දැක්වීමට ද පුළුවන. විරෝධතාකරුවන්ට පොලිසිය අසාධාරණ ලෙස පහර දෙනවා මාධ්ය මගින් ද දැක ගත හැකි විය. සමහර විට එම අවස්ථාවේ එම ස්වාමින් වහන්සේටද යම් අසාධාරණයක් වන්නට ඇත. එනිසා පොලිසියට සිය විරෝධතාවය දක්වන්නට ඒ ස්වාමීන් වහන්සේ එලෙස සිදු කළා විය හැකිය. මෙය ඇතැම් බෞද්ධයන්ට ඇස් වලට කටු අනිනවා මෙන් විය හැකිය. නමුත් මීට වඩා බොහෝ දෑ අද සමාජයේ සිදුවේ. .ඉන් එහාට ගිය සදාචාරයට පිටුපා හාමුදුරුවරු වැරදි කරන අවස්ථා බොහෝ ඇත. හිමිවරුන් මීට වඩා බරපතල වැරදි කරන අවස්ථා පසුගිය කාලයේ දැක ගත හැකි විය. ඒ සිද්ධි වලදී බොහෝ දෙනෙක් කතා නොකළහ. නමුත් මෙවන් එක සිද්ධියක් අල්ලාගෙන චෝදනා කිරීම සුදුසු නැත. බෞද්ධයන් ගෞරව කරන සිවුර වාසියට ගෙන එයට මුවා වී ප්රසිද්දියේ වැරදි කරන චීවර ධාරීහු බොහෝ වෙති. ඊට එරෙහිව කිසිවකු කට අරින්නේ ද නැත. එනමුත් මෙවන් සුළු සිද්ධියක් අල්ලාගෙන බොහෝ දෙනෙක් කතා කරති. මෑත කාලයේදී චීවරයට මුවා වී ඇතැම් ස්වාමින් වහන්සේලා සිදු කළ අපරාධ ගත් කළ මේ ඡායාරූපයේ සිටින ස්වාමීන් වහන්සේ කරන්නේ වරදක්දැයි සිතා බලන්න…

1 comment:

Unknown said...

ඇඟිල්ලක් දිගු කරගෙන සිටින හිමි නමක සම්බන්ධයෙන් මුහුණු පොතේ බොහෝ දෙනෙක් චෝදනා මුඛයෙන් කතා කරති. විවිධ අපහාස උපහාස කරති. මට ඇත්තේ ප්‍රශ්න කිහිපයක් පමණි. මේ හාමුදුරුවන් ඇගිල් දිගු කරගෙන ඉන්නවා දකින උදවිය ඇයි බොදුබලේ හාමුදුරුවරු උසාවියට ගහනවා දැක්කේ නැත්තේ? බීලා වාහන එළවලා මිනිස්සු හප්පපුවායේ නඩු වාර්තා පෙනුනේ නැත්තේ? අන්‍යාගමික ස්ථානවලට කඩා වැදිලා පහර දෙනවා දැක්කේ නැත්තේ? මිගෙට්ටුවත්තේ සුමිත්තලා මිනී මරුපු කතා දැක්කේ නැත්තේ? ගෑණු එක්ක බුදියගත්තු කතා දැක්කේ නැත්තේ??