Showing posts with label post. Show all posts
Showing posts with label post. Show all posts

Tuesday, January 10, 2017

ගම්පහදී දියණියන්ට අහිමි වන පතිවත


සතියේ අග දින දෙක යනු ගම්පහ ටියුෂන් සිසුන්ගෙන් පිරීයන දින දෙකකි.එම සිසුන්ගෙන් 10%ක්වත් පන්ති නොයන බව අප දකින සත්‍යකි.එම සිසුන්ගෙන් කොටසක් මල්වත්තටද තවත් කොටසක් සිනමා ශාලාවල් වලටද තවත් සමහරක් ලැගුම් හල් වලටද තවත් කොටසක් උඩුගම්පල මන්තිරුවටද රහසේම රිංගා ගනියි.දෙමාපියන් සිතන්නේ තම දරුවා පන්තියක ඉදිරි පස පේළියක හොදින් අකුරු ඉගෙන ගන්නා බවයි.නමුත් ඇත්ත වශයෙන්ම වන්නේ එම පන්තියේ අවසන් පෙලියවත් නොපෙනෙන තරම් දුරක පදුරක් හෝ බැංකුවක් මත්තේ හිද සිපගැනීම ඉගෙන ගැනීමයි.මෙයට දෙමාපියන්ගේ නොසලිකිල්මත් බවද වග කිව යුතුය.නමුත් දෙමාපියන් කුමක් කරන්නද?තම කුසින් වැදු තම ආදරණිය දරුවා තමාට පිටු පා යයි කියා සිතන්නේ කෙලෙසකද?තම දෙමාපියන් මහන්සියෙන් හම්බ කරන පඩියෙන් ලැබෙන රුපියල් 3000 මෙලෙස විනාශ වී යයි.
මෙහි තර්ජනය පවතින්නේ පිරිමි ළමුන්ට නොව ගැහැණු ළමයින්ටය.සමහර දියණියන්ගේ මව්වරු නම් දියණිය සමගම පැමිණ පන්ති නිම වන තුරු හිද දියණිය සමගම ආපසු ගෙදර යයි.නමුත් එලෙස වන්නේ 1%කටත් වැඩ අඩු ප්‍රතිශතයකි.තම පවුලේ ගෞරවය වන දියණියක් එලෙසින් තැන් තැන්හි එලිමත්තේ සිපගන්න බවක් දන්නෙහිනම් ඔවුන්ට කෙතරම් දුක සිතෙනු ඇත්ද? තම දෙමාපියන් බිත්ති හතරක් තුල අදුරේම සිදු කල දෑ තම දියණිය එලිමත්තේම කිරීම කෙතරම් ඛේදජනකද?

මිට වසර දෙකකට පමණ පෙර සිදු කල සංගණනයකින් හෙළි වුවේ ගම්පහ නගරය තුල ලැගුම් හල් 400ක් පමණ ඇති බවය.සංචාරක නගරයක් නොවන ගම්පහ නගරය තුල මෙතරම් ලැගුම් හල් කුමකටද යන්න එදත් අදත් ගැටලුවකි.මෙම ලැගුම්හල් තුල බොහෝ දියණියන්ගේ පතිවත අතුරුදහන් වන්නේය.
බොහෝ විට පොලිස් පොතෙත් මෙම ටෙලි නාට්‍යයේ තිරපත ලියවෙයි.මංගල රැයෙදී තම ස්වාමියාට පෙන්නීමට තිබෙන පතිවත හෝටල් කාමර වල ඇද ඇතිරිල්ලට පෙන්වා හමාරය.ආදරයේ නාමයෙන් නරුමයෙකුට හසු වුවහොත් තම පතිවත ගම්පහටම පමණක් නොව මුළු ලංකාවටම පෙන්වීමට සිදු වෙයි.
මන්ද යත් අධික විශ්වාසය යන නාමයෙන් එන මෝඩකම නිසා තමා හා රාගයේ යෙදෙන නාටකය පටිගත කරගැනීමට පෙම්වතාට ඉඩ දීමෙන් තම චරිතය  බඩුවක් කල හැකිය.පෙම්වතා හා තරහා වූ වහා ඔවුන් කරන්නේ එම නාටකය වට්ස් ඇප් හරහා රටටම බෙදා හැරීමයි.ඉන් පසු ජීවිතය නැති කරගැනීමට හෝ සමාජයෙන් බඩුව යන පදවි නාමය අසා ගැනීමට සිදු වෙයි.සමහරු දෙවැන්න තෝරාගනියි.මැරෙනවට වඩා බඩුව යැයි අසමින් ජිවත් වීම හොදයැයි සිතනා අය එම සිදුවීම තම ජිවිතයට රුකුලක් කරගෙන ජීවිතය හැඩගසා ගනියි.නමුත් 'සම හරක්'එම සිදුවීම මුලට තබා තම ජීවිතය ඇත්ත වශයෙන්ම බඩුවක් බවට පත් කරගැනීමට අතින් අතට යනු ඇත,වැදගත් කරුණක් ඉතුරු වෙනු ඇත.එවන් වීඩියෝ පට වල සිටින සැම කෙල්ලෙක්ම බඩුවක් නොවේ.ඒ සිටින්නේ අධික ලෙස තම පෙම්වතාව විස්වාස කල තවත් එක් පෙම්වතියක් පමණි .නමුත් ඒ පෙම්වතියම පෙර කි ලෙස අධික විශ්වාසය නමින් එන මෝඩකමට හසුවී තම ජීවිතය නරුමයෙක්ට බිලිදුන් තවත් එක් හිතුවක්කාර දියණියක් බව මතක තබා ගත යුතුය.මන්ද ඇය තම දෙමාපියන්ට පිටුපා අවසන්ය.දියණියක් වශයෙන් ඇය කල දේ කිසිවිටෙක පිළිගත නොහැකිය.ඇය දැන දැන අමාරුවේ වැටීම පිළිබද අපට අනුකම්පා කල නොහැක්කේ එනිසාය.එවන් සිද්ධියක් වූවානම් කලයුත්තේ එම නරුම ක්‍රියාව සිදු කල පෙම්වතාට වරද පටවා අතින් අත ගොස් ඇත්තෙන්ම බඩුවක් වීම නොව එම සිදුවීම රුකුලක් කරගනිමින් ජීවිතය හැඩගස්වා ගැනීමයි.

අතිශයින්ම ටියුෂන් නගරයක් වන ගම්පහ බොහෝ ලාබාල පෙම්වතුන් පන්තියට නොගොස් හොර පාරේ විවිධ ස්ථාන ආශ්‍රිතව පැමිණීම අතිශයින්ම දුකට කරුණකි.විශේෂයෙන්ම ඊයේ පෙරේදා උසස් පෙළ පටන් ගත් වයස 16ක 17ක සිසුන් මෙම ස්ථාන වල බහුලව දැකිය හැකිය.තවද සාමාන්‍ය පෙළ වයසේ පෙම්වතුන් දැකීමද දැන් දැන් මෙහි සුලබ වෙමින් පවතී.බොහෝ තැන් වල දැකගත හැකි අවිනීත දසුන් වල  නළු නිලියන් ආදරයේ නියම අරුත නොවැටහෙන ලාබාල වයසේ දරුවන් වීමද දුක මිස සතුට නොදෙන දර්ශනයකි.
            තමන්ගේ දියණිය නැගණිය හෝ වෙනත් සහෝදරියෙක් මෙලෙස අකාලයේ ගැහැණියෙක් වීම වලක්වා ගැනීමටනම් ඔවුන් පස්සෙන්ම විත් ඔවුන් ගැන නිතර හොයා බලා දැඩි අවධානයෙන් ඔවුන්ව ආරක්ෂා කරගත යුතු වෙයි.ගම්පහ අවට ගැහැණු ළමයෙකුට විනාශ වීමට බොහෝ තැන් මෙන්ම නිදහස ඇති බැවින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමේ වගකීම ඔබ සතුය.උදේ පන්ති ආ පසු හවස් වන තුරු නිදහස ඇති බව මතක තබාගන්න.ඒ පැය කිහිපය ගැහැණු ළමයෙකුගේ ජීවිතය වෙනස් කිරීමට ප්‍රමාණවත් වේ.වරදක් සිදු වුවහොත් නිවැරදි කරගැනීමට නොහැක.


Monday, September 19, 2016

ප්‍රභාකරන් ජිවතුන් අතරද? නැත්ද?

වසර 30ක් තිස්සේ රට තුල තිබු යුද්ධය නම් ශාපලත් ගින්න නිවා දැමුවද ඒ ගින්නෙන් ඇති වූ අඟුරු කැබලි අදත් අළු අතර සැඟවී ඇති බව බොහෝ අය විශ්වාස නොකරන සත්‍යයකි.තවමත් උතුරේ ද දකුණේද වෙනසක් නොමැතිව වෛරය නම් අඟුරු කැබලි සැඟවී තිබේ.සැඩ සුළඟක් හැමූ විගසින් ඒවා ගිනි පුපුරු පිටකරන ආකාරය දැකිය හැකිය..යුද්ධය නම් ගින්න නිවා  දැමීමට හමුදාවට හැකි වුවද එහි අඟුරු කැබලි නිවා දැමීමට එවර ආණ්ඩුවට ද මෙවර ආණ්ඩුවටද නොහැකි විය.

මාධ්‍යවේදීන්ට සංහිඳියාව ඇති කිරීමට වගකීමක් ඇති බව හුදෙක් නොරහසකි.නමුත් ජාතිවාදය ඇතිවෙන අයුරින් ක්‍රියා කිරීමට සමහර සිංහල මාධ්‍යවේදීන් ද දෙමළ මාධ්‍යවේදීන් ද ක්‍රියා කරන බව දක්නට ලැබෙයි.දෙමළ ජනයාගේ සිත් වල සිංහලයාට එරෙහි වෛරයක්ද සිංහල ජනයාගේ සිත් වල දෙමළ ජනතාවට එරෙහිව වෛරයක්ද ඇති වෙන අකාරයෙන් පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන් පිළිබඳ ඇත්තේ කණස්සල්ලකි.එමෙන්ම ජාතිවාදී නොවන පුවතක් වාර්තා කිරීමේදී පවා වෛරිසහගත ලෙස වාර්තා කිරීමෙන් ද එවන් වෛරයක් ඇති වීම වැළක්විය නොහැක.

යුද්ධයේදී තම දෙමපියන් සහෝදරයන් අහිමි වූ දෙමළ අය තවමත් වෛර කරන්නේ එදිරිවාදී හමුදාවට මිස ශාපලත් යුද්ධයට නොවේ.සමහර දෙමළ පිරිස් වෛර කරන්නේ ප්‍රභාකරන්ට නොව යුද්ධය නිමා කළ හමුදාවට සහ දේශපාලන නායකයින්ටය.සමහර සිංහල අයද වෛර කරන්නේ බහුතර දෙමළ ජනතාවට මිසක් එල්.ටි.ටි ත්‍රස්තයන්ට නොවේ.එය ශි ලංකාවේ අවාසනාව විය යුතුය.සමහර අය යුද්ධයට හේතුව වත් නොදන්නවා විය හැකිය.


යුද්ධයට හේතු වුයේ දෙමළ බෙදුම්වාදය පමණක් නොව සිංහල ජාතිවාදය ද හේතු විය.එවකට සිටි පාලකයන්ගේ ද වැරදි බල පෑවේය.යුද්ධය හමුදාව සහ එල්.ටි.ටි ත්‍රස්තයන් අතර සිදු වූ දෙයක් මිස සිංහල දෙමළ ජනතාව අතර ඇති වූ යුද්ධයක් නොවන බව වටහා ගැනීමට බොහෝ අය අසමත් වීම මෙයට එක හේතුවකි.හමුදාවේ දෙමළ සෙබළුන් සිටියේ නැතිද?එල්.ටි.ටි ත්‍රස්තයන්ට ඔත්තු සැපයීමේ සහ උපකාර කල සිංහලුන් නැතිද?නොදත් අය සොයා බැලිය යුතු ප්‍රශ්න දෙකකි.යුද්ධය පැවතුනේ සිහළුන් දෙමළුන්ට විරුද්ධවත් දෙමළුන් සිහළුන්ට විරුද්ධවත් නොවේ.සිදුවුයේ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලියක බලපෑම මත එක් දෙමළ පිරිසක් පමණක් යුද්ධ කිරීමත් එම යුද්ධය මැඩපවත්වා සාමය ඇති කිරීමට හමුදාව ක්‍රියා කිරීමත් පමණකි.එම වෛරී සහගත යුද්ධය නිමා කිරීමට සහය වුවන් අතර දෙමළ පිරිස් ද සිටින බව මතකයේ තබා ගත යුතුය.අද බොහෝ අය එම යුද්ධය ඉතාමත් වැරදි අයුරින් නිර්වචනය කිරීමෙන් සිදුවන්නේ තවත් යුද්ධයකට පෙරවදනක් සටහන් කිරීමක් පමණි.
            මාධ්‍යවේදීන් වශයෙන් කළ යුත්තේ යුද්ධයේ අළු යට සැඟවී ඇති අඟුරු කැබලි නිමා දැමීමට ක්‍රියා කිරීම මිස ඒ අඟුරු කැබලි නැවත ගිනි තැබීම නොවන්නේය.නමුත් අද සිදුවන්නේ උතුරේ කුඩා සිද්ධියකදී පවා පාර්ශව දෙකෙහිම මාධ්‍යවේදීන් ජාතිවාදය නම් පෑනෙන් එම සිදුවීම් වාර්තා කිරීම ය.ඉන් සිදුවන්නේ උතුරේ තත්වය සියැසින් නොදකින යුද්ධයෙන් බැට කෑ දකුණේ ජනතාව කුපිත වීමත් යුද්ධයේ අඳුරු සෙවනැලි සිතෙහි තබාගෙන ජිවත් වෙන දෙමළ ජනයාගේ සිත් වෛරයෙන් උදම් වීමත් පමණි.යාපනය විශ්වවිද්‍යාලයෙ ඇති වූ ගැටුමේදී එය මනාව පිළිඹිමු විය.සමහර සිංහල මාධ්‍ය එය ජාතිවාදී ස්වරුපයකට වාර්තා කිරීමට තතු සෙවූ අතර ප්‍රධාන දෙමළ මාධ්‍ය තත්ත්වය විකෘති කර ලොවට පෙන්නුවේය.සිසුන් අතර සිදුවූ ගැටුමට හමුදාව පටලවා ගත්තේ කුමක් අරඹයා ද යන්න අපි නොදන්නෙමු.සමහරක් දෙමළ මාධ්‍ය වල “හමුදාවේ සහය ඇතුව සිංහල සිසුහු දෙමළ සිසුන්ට පහර දෙති”යනුවෙන් සදහන් වුයෙන් සිංහල ජනයා ද දෙමළ ජනයාද කුපිත විය.

වාර්තාකරණයේදී වචනයක් එහා මෙහා වීමෙන් සිදුවන වෙනස වටහා ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් සිටීම ශ්‍රී ලංකාවේ අවාසනාවකි.එසේ නොමැතිනම් උවමනාවෙන් ම එය අමතක කර දමා ඇත.යාපනයේ සිදුවන සිදුවීම් වලදී යාපනය පැත්ත පළාතකට නොහොස් කොළඹ සිට ලිපි ලිවීමට බොහෝ අය දක්ෂයෝ වෙති.ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන යුරෝපයේ සිට ලිපි ලිවීම සහ මෙය අතරේ කිසිදු වෙනසක් නැත.මාධ්‍යවේදීන් වශයෙන් කළ යුත්තේ එය නොවේ.ගැටුම උග්‍ර කිරීමට වාර්තාකරණය භාවිත කිරීම නොව ගැටුම නිරාකරණය කිරීම සදහා පැන මෙහෙයවීම සිදු කල යුත්තේය.නැවත එවන් දෙයක් නොවීමට ක්‍රියා කළ යුතුය.
තවද උතුරේ සිංහල බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරිම ගැන වාර්තා කරන උතුරේ මාධ්‍යවේදීන් ද සැලකිලිමත් විය යුතුය.සංහිඳියාව යනු කිසියම් ආගමක සිද්ධස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වීමනම් ඒ සංහිඳියාව රටට අවශ්‍ය ද නැතිද යන්න දෙපාරක් සිතා බැලිය යුතුය.සංහිඳියාව ඇත්තේ නම් ඕනෑම ආගමක ඕනෑම අයෙකුට ලංකාවේ ඕනෑම තැනක සිට තම ආගම ඇදහීමට අයිතියක් නිදහසක් තිබිය යුතුය.එයට උතුර දකුණ කියා වෙනසක් තිබිය යුතු නැත.උතුරේ අය බෞද්ධ ප්‍රතිමා සෑදීමට විරුද්ධ වනවා නම් රජයේ සංහිඳියා වැඩපිළිවෙල පටන් ගත යුත්තේ දකුණින් නොව උතුරෙනි.දකුණේ ජාතිවාදය දේශපාලනය නිසා හටගනී.ජාත්‍යාලය සහ ජාතිවාදය පටලවා නොගත යුතුය.

තම ආගම ජාතිය ආරක්ෂා කර ගත යුතුය.නමුත් ඒ සදහා අන් ආගම් සහ අන් ජාතින් විනාශ නොකළ යුතුය.බෞද්ධයන් එසේ කරනවානම් ඔවුන් අදහන ධර්මය බුද්ධාගම නොවිය යුතුය.මන්ද බුදු රජාණන් වහන්සේ ද අන් ආගම් වලට ගරු කළ කෙනෙකි.එමෙන්ම බුදුරජාණන් වහන්සේ අන් ආගම් වලට ගරු කරන ලෙස ශ්‍රාවකයින්ට ද දේශනා කළ සේක.ඕනෑම ආගමක් රැකගැනීමට අන් ආගමක් විනාශ කිරීම බුදුදහම යැයි නොසිතමි.තවද බුදු පිළිම හෝ බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමෙන් සංහිඳියාව නැති වීමට හේතුවක් නැත්තේය.දකුණේ කෝවිල් ඉදිවෙන බවත් ඕනෑ තරම් කෝවිල් දකුණේ ඇති බවත් අපි දන්නෙමු.ඒවාට විරුද්ධ වන්නෝ ඇත්නම් ඔවුහු දේශපාලන මිත්‍යාවේ නියැලුණු අය වෙති.දකුණේ ද ඒ අයුරින් කිසියම් ආගමක සිද්ධස්ථානයකට විරුද්ධ වේනම් එය වැරදි දෙයකි. 

දකුණේ වුවද උතුරේ වුවද සියලු ජාතින් සහෝදරයන් මෙන් සිටිය යුතුය.ආගම පාදක කොටගෙන එකිනෙකා කා කොටා ගන්නවානම් ප්‍රභාකරන් මිය ගියාට කිසිදු වෙනසක් ඇති වී ඇතැයි සිතන්නට බැරිය.පන්සල් පල්ලි කෝවිල් කියා මායිම් වලට සිමා වී සිටිය යුතු නැත.අන් අයට උදව් කරමින් තමන්ද දියුණු විය යුතුය.අන් අය පාගා තමන් දියුණු වීමෙන් සිදුවන්නේ තාවකාලික දියුණුවක් පමණි.මන්ද යම් දිනෙක පෑගී සිටින අය අනිවාරෙන්ම පාගා සිටින්නාට  වඩා ශක්තිමත්ව නැගී සිටිනු ඇත.
            කළ යුත්තේ සහෝදරත්වයෙන් හිඳ එක රටක් ලෙස ලොව ජයගැනීම ය.එයට සිංහල දෙමල මුස්ලිම් බර්ගර් බේදයක් තිබිය නොහැක.එසේ බේද තිබේනම් ඉදිරියටත් යුද්ධ ඇතිවීම වැළක්විය නොහැක.එසේවිනම් මේ අපි ගෙවන්නේ සාම ගිවිසුමකින් ලත් යුධ විරාමයක් පමණක් වනු ඇත.එනිසා ප්‍රභාකරන් ජිවතුන් අතර ඇතැයි නැතැයි කියා වෙනසක් නැත.ප්‍රභාකරන් ජිවතුන් අතරය කියා සිතෙන්නේ එම නිසාය.ප්‍රභාකරන්ගේ ජාතිවාදී යුධමය සිතුවිලි නැතිවී යන්නේ අප රට තුළ දෙමල සිංහල මුස්ලිම් සහෝදරත්වය ස්ථිර උන දාකය.ප්‍රභාකරන් මැරූ තරමින් එල්,ටි,ටි ත්‍රස්තවාදය අවසන් වුවත් අප රටේ ජාතිවාදය අහවර වන්නේ නැත.සංහිඳියාව මැනවින් තහවුරු වූ දාක ජාතිවාදය නම් ප්‍රභාකරන් සදහටම මිය යනු ඇත.

Read in EnglishClick Here)





Monday, April 4, 2016

අද ලොකුම ගැටළුව හාමුදුරුනමක් ඇඟිල්ල දිගු කිරීමද?

ස්වාමින් වහන්සේ නමක් මැදගිල්ල දිගු කරගෙන සිටින ඡායාරුපයක් මේ දින වල සමාජ වෙබ් අඩවි වල ප්රසිද්ධ වෙමින් පවතී. එම ඡායරුපය පිළිබද විවේචනය කරන බොහෝ දෙනෙක් එම ඡායාරූපය කොතැනකදී ගත්තක්දැයිවත් නොදන්නා බවක් පෙනෙයි. විවේචකයන්ගෙන් එම ඡායාරුපය ගෙන ඇති අවස්ථාව ඇසුවහොත් නිරුත්තර වනවාට සැකයක් නැත. එම ඡායාරුපය ගෙන තිබෙන්නේ කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදෙනමෙන් ඉල්ලා ආගමන විගමන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට පැවැත්වූ උද්ගෝෂණයක දී ය. කුමාර් ගුණරත්නම් යනු ජනතා විමුක්ති පෙරමුණේ සිටි ප්රභල සටන්කාමියෙකි. දැන් ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඡායාරූපයේ සිටින ස්වාමින් වහන්සේ සිදුකරන්නේ ද හරි දෙයක් නම් නොවේ. හේතුව බෞද්ධ සමාජයේ ගිහියෙකු මෙවන් ක්රියාවක් කලද බෞද්ධයන් විසින් ගෞරවයට පාත්ර වූ චීවරය දරාගෙන සිටින ස්වාමින් වහන්සේ කෙනෙකු මෙවන් ක්රියාවක් කිරීම බෞද්ධ සමාජය අනුමත නොකරන්නයි. බෞද්ධයන් කිසිසේත් ස්වාමීන් වහන්සේ නමකගේ මෙවැනි හැසිරීමක් බලාපොරොන්තු වන්නේ ද නැත. ඒ එක් කෝණයක් පමණි. මෙහි තවත් පැති කිහිපයක් ඇත. ශ්රී ලංකාවේ ඉපැදී ලංකාවේ හැදී වැඩුණු කුමාර් ගුණරත්නම්ට ලංකාවේ පුරවැසි භාවය නොදීම හා ඔහු සිරගත කිරීම ගැන සිත් වේදනාවෙන් සාධාරණය පතා විරෝධතා පවත්වද්දී ඔවුට පොලිසියෙන් ද අසාධාරණයක් සිදුවන මොහොතක හැඟිම් පිට කළ එක මොහොතක් ලෙස එය දැක්වීමට ද පුළුවන. විරෝධතාකරුවන්ට පොලිසිය අසාධාරණ ලෙස පහර දෙනවා මාධ්ය මගින් ද දැක ගත හැකි විය. සමහර විට එම අවස්ථාවේ එම ස්වාමින් වහන්සේටද යම් අසාධාරණයක් වන්නට ඇත. එනිසා පොලිසියට සිය විරෝධතාවය දක්වන්නට ඒ ස්වාමීන් වහන්සේ එලෙස සිදු කළා විය හැකිය. මෙය ඇතැම් බෞද්ධයන්ට ඇස් වලට කටු අනිනවා මෙන් විය හැකිය. නමුත් මීට වඩා බොහෝ දෑ අද සමාජයේ සිදුවේ. .ඉන් එහාට ගිය සදාචාරයට පිටුපා හාමුදුරුවරු වැරදි කරන අවස්ථා බොහෝ ඇත. හිමිවරුන් මීට වඩා බරපතල වැරදි කරන අවස්ථා පසුගිය කාලයේ දැක ගත හැකි විය. ඒ සිද්ධි වලදී බොහෝ දෙනෙක් කතා නොකළහ. නමුත් මෙවන් එක සිද්ධියක් අල්ලාගෙන චෝදනා කිරීම සුදුසු නැත. බෞද්ධයන් ගෞරව කරන සිවුර වාසියට ගෙන එයට මුවා වී ප්රසිද්දියේ වැරදි කරන චීවර ධාරීහු බොහෝ වෙති. ඊට එරෙහිව කිසිවකු කට අරින්නේ ද නැත. එනමුත් මෙවන් සුළු සිද්ධියක් අල්ලාගෙන බොහෝ දෙනෙක් කතා කරති. මෑත කාලයේදී චීවරයට මුවා වී ඇතැම් ස්වාමින් වහන්සේලා සිදු කළ අපරාධ ගත් කළ මේ ඡායාරූපයේ සිටින ස්වාමීන් වහන්සේ කරන්නේ වරදක්දැයි සිතා බලන්න…

Sunday, April 3, 2016

ගම්පහට පැරඩ් එපාද - සමහරක්ට කනේ පාරක්

ගම්පහ නගරයට පැරඩ් ගෙන ඒම ගැන මාර්තු 06 වෙනිදාට පස්සේ බොහෝ දෙනා කතා කළහ. විවිධ චෝදනා කළහ. සාමාන්ය දැනීම නැතිව විචාර ලියන යම් පුද්ගලයෝ මේ පිලිබදව ලිව්වෝය. නමුත් කොළඹ පැරඩ් ගැන ඔවුහු කතා නොකළහ. ගම්පහට අඩුවක් වී තිබු සංස්කෘතියක් ගෙන ආවෝ බණ්ඩාරනායක සිසුහුය. එය කව්රුත් පිළිගනිති. එමෙන්ම ගම්පහ ලද එම විජයග්රහණය හෑල්ලුවට ලක් කළ පුද්ගලයන්ට මෙයින් පිළිතුරු ලබා දීමට අදහස් කළෙමි.
මම දුටු එක විචාරයක තිබුණේ ඉරිදා යනු කාර්යබහුල දිනයක්  කියාය.ඉරිදා කාර්යබහුල නම් සතියේ දින එසේ නැතිද? බණ්ඩාරනායක සිසුහු ඉරිදා දිනය තෝරාගැනීමට හේතුව සතියේ දින හතෙන් වාහන තදබදය අඩුම දිනය සහ පාසල් සිසුන් මෙන්ම රාජකාරි ගමන් නොමැති දිනය නිසාය.  සතියේ දින හතෙන් කාර්යබහුලතාවය අඩුම දිනය ඉරිදාය. සතියේ දින පහම පාසල් දින සහ කාර්යාල දින නිසා ඉතාමත් ගම්පහ කාර්යබහුලය. එමෙන්ම සෙනසුරාදා දින ද කාර්යාල පැවැත්වෙන නිසා එදිනද කාර්යබහුලය. නමුත් ඉරිදා එසේ නොමැත. වාහන තදබදය ගම්පහ අවට අඩුම දිනයකි.
මේ සදහා පොලිසියේ අවසරය ලබෙන්නටද ප්රධාන හේතුවක් වුවේ ඉරිදා දිනයක  පැවැත්වූ නිසාය. බණ්ඩාරනායක සිසුන්ට මෙය සතියේ දිනක කලානම් ගම්පහ අවට සිටින සියලුම පාසල් වලට මෙය පෙනෙනු ඇත.  නමුත් සියලු දෙනා ගැන සිතා බණ්ඩාරනායක සිසුහු සිය පෙරඩ්එක සඳහා ඉරිදා දිනය තෝරා ගත්හ.
පොලිසිය පැත්තකට වී බලා සිටියායැයි පිරිසක් චෝදනා කළහ. එයද අසත්යයකි. පොලිසිය එසේ පැත්තකට වී සිටියේ නැත. ඔවුන් නීති විරෝධී කිසිම දෙයක් වන්නට ඉඩ තැබුවේ නැත. ආරම්භක ස්ථානයේදී සියලුම වාහන පරික්ෂා කර රියදුරු බලපත්ර ඇත්ද යන්න බැලූහ. ඔවුන් බණ්ඩාරනායක සිසුන්ට නීති රෙගුලාසි පනවා තිබිණි. විටකදී සිසුන් සහ සංවිධායකයින් ඔවුන්ගෙන් බැනුම් ඇසුවෝය. මෙම නිසාත් සංවිධායකයන්ගේ උපදෙස් නිසාත් සිසුන් නීති රෙගුලාසි වලට යටත්ව මෙම රථ පෙළපාලිය ගියහ.
රථ පෙළපාලියක් යනු කිලෝමීටර් ගණනක් දිග ගමනකි. එම ගමනේ එක තැනක සිට බලා විචාර ලියු අයට පොලිසිය ගත් මහන්සිය පෙනෙන්නේ නැත. ඇත්තෙන්ම එම රථ පෙළපාලියේ ගෞරවය පොලිසියටද හිමි විය යුතුය. තවද අවසර ලබාගැනීම සම්බන්ධ කතාවක්ද පල වී තිබිණි. මේ අසඳහා අවසර ලබා දී තිබුණි. කවුරු හෝ එය නැතැයි කියනවනම් එය ඔවුන්ගේ අනුවන කමකි.පෙළපාලිය ගැන නියෝජ්ය පොලිස්පති පවා දැනුම්වත් කර තිබුණි. පොලිසිය අවසර ලබා දී තිබිණි. මෙවන් බොරු චෝදනා එල්ල කිරීමට මත්තෙන් සොයා බැලිය යුතු නොවේද.?
"මිනිසුන් පිළිකුලෙන් යුතුව හෙළා දකින ආකාරයක් " පිළිබදව කියා තිබිණි. අප නම් දුටුවේ සිනා මුසු මුවගෙන් රථ පෙළපාලිය දෙස බලා සිටි පිරිසකි. රථ පෙළපාලිය යන මාර්ගය දෙපස බොහෝ පිරිසක් රැස්ව සිටියේ තරහ මුසු මුවගෙන් නොව සිනා මුසු මුවගෙනි. එවන් අංග ඇත්තෙන්ම මිනිසුන්ට ප්රීතියක් ගෙන දෙන දෙයකි. සමහරු අත්පුඩි ගැසූහ. තවත් සමහරු සිසුන් සමග එක්වී නැටූහ. පෙර කිවූ පරිදි එක තැනක සිට කෝපයෙන් මෙය නැරඹු රචකයන්ට පෙනෙන්නේ අනෙකාද තමා මෙන් ඔරවන් සිටින ආකාරයටය. සමහරවිට බණ්ඩාරනායක සිසුන්ගේ මෙම උත්සාහය දැක ඉරිසියාවක් ඇති වුවා විය හැකිය.

"බාලිකා පාසල් වලට පැන"එම රචනාවේ තවත් කොටසක් දිටිමි. ඉරිදාට පාසල් නිවාඩු දිනයකි. එය එකේ පන්තියේ සිසුවාද මැනවින් දන්නා කරුණකි. විවේචකයන් එය නොදත්තේ මන්ද? පාසල් නොගියාවත්ද ? නැතිනම් කොහේ හෝ වරදක් වුවාද? කරුණක් ඉදිරපත් කිරීමේදී සිතා බැලීම පමණක් නොව සාමාන්ය දැනීමද අත්යවශ්ය වේ. චෝදනා කරන්නන්ට කියන්නට ඇත්තේ චෝදනා කරන්නට පෙර තව දුරටත් සොයා බලන ලෙස පමණි.

ඔවුහු තවත් කතාවක් කියති.කොළඹ ක්‍රීඩාංගණයක පැවැත්වෙන තරගයක් නිසා ගම්පහ පාරවල් වල එය නොකළ යුතුය වැනි කතාවකි.මෙසේ අසමි.කොළඹ පැවැත්වෙන නිසා ගම්පහ සිසුන්ද කොළඹ ගොස් පෙළපාලි තැබිය යුතුද?කොළඹ මින්සුන් කොළඹ පාසල් වලට දක්වන සහයෝගය ගම්පහ මින්සුන් දක්වන්නේ නැතිද.කොළඹ සිසුන්ට පමණක් එය සිමා විය යුතුද.කෝපයෙන් නොව මිත්‍රශීලීව සිතිය යුතුව ඇත.ඔවුන් අප ගම්පහට ආඩම්බරයකි.ගම්පහට අඩුවක් වී තිබු එම සංස්කෘතිය ගෙන ආවො ඔවුහුය.සාමාන්‍ය පෙළ සටහනේ බාලක පාසල් අතුරින් ලංකාවෙන්ම අංක එක කොළඹට නොදී ගම්පහට ගෙන ආවෝ ඔවුහුය .ඔවුන් අපට ආඩම්බරයක් ගෙන දෙනවා නොවේද?ඉතින් අපි ඔවුනට සහය දැක්විය යුතු නොවේද?ඔවුන්ව දිරිමත් කල යුතු නොවේද?

අප්‍රේල් 03 වෙනිදා ගම්පහ තවත් පාසල් කිහිපයක් පැරඩ් සංවිධානය කර තිබුණි.ඒවාද ඇත්තෙන්ම ප්‍රසංසනීය තත්වයක තිබිණි.ගම්පහ තක්ෂිලා විදුහලේ රථ පෙළපාලිය දුටුවෙමි.ඔවුන්ද හොද දෙයක් මෙන්ම සමහර අයගේ ඇසට කටු ඇනෙන දෙයක් කර තිබිණි.එමෙන්ම හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ රථ පෙලපාලියද එදිනම පැවැත්විණි.නිට්ටඹුව සංගබෝධි විද්‍යාලය,ගලහිටියව මාධ්‍ය මහා විද්‍යාලය,වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය වැනි පාසල් අද මෙවන් අගනා උත්සාහයන් වල නිරත වෙයි.නමුත් අමතක වූ කරුණක් ඇත,බණ්ඩාරනායක සිසුන් බාධක රැසක් හමුවේ ආරම්භ කල එම අගනා ක්‍රියාව අද මල් ඵල ගැන්වී ඇත.පළමු පෙළපාලියේදී ඔවුන්ට බාධක රැසක් හමුවිණි.එවන් බාධක දෙවන්නේද අඩුවක් නොමැතිව තිබිණි.නමුත් එම බාධක අද මල් ඉත්තක් බවට පත්වී ගම්පහටම පැරඩ් සංස්කෘතිය විදගන්නට හැකියාව අද ලැබී ඇත.සාමාන්‍ය දැනීමකින් තොරව මෙන්ම සිද්ධියක් දෙස එක කෝණයකින් පමණක් බලන විවේචකයන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් දක්වමු.



Saturday, April 2, 2016

ඉන්දියාව පරදින තුරු ලොවම බලා ඉන්නේ ඇයි?

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ප්‍රකටය. ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය විනාශ කරන රටක් ලෙස ප්‍රකටය. ඉන්දියාව ක්‍රීඩා කරන බොහෝ තරග වල වැරදි විනිසුරු තීරණ දක්නට ලැබෙයි. එමෙන්ම එම කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සින්ධෝනි තීරණයක් ඉල්ලුවහොත් හරි වැරැද්ද නොබලා එම ඉල්ලීම ලබා දීමට බොහෝ විනිසුරෝ කටයුතු කරති. ඊට හොදම උදාහරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වසරේදී පැවති තරගයකදී සි.කේ නන්දන් පෙනී පෙනී වැරදි තීරණයක් ඉන්දියාවේ වාසියට ලබාදීමය. එමෙන්ම 2015 වසරේ බංගලාදේශය සමග ඉන්දියාව තරග වැදුණු අවස්ථාවකදී ද එවන් තීරණයක් ගැනුණු අතර එය බංගලාදේශ අගමැතිනිය ද විවේචනය් කළාය. මෙවර ආසියා ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව ක්‍රීඩා කළ බොහෝ තරග වලදී මෙය දක්නට ලැබිණි. මෙම විනිසුරන් ඉන්දියාවේ කුලී හේවායන්දැයි එවැනි තීරණ දුටු ඕනෑම කෙනකුට සිතෙට නැගෙනවා නොඅනුමානය. එම විනිසුරුවා සමග වෛරයක් ඇති වෙනවා නොඅනුමානය. වැරදි විනිසුරු තීරණවලට හේතුව ඉන්දියාවෙන් ක්‍රිකට් කවුන්සිලයට එල්ල වන පීඩනය බවට සමහරු කියති. එමෙන්ම ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරන වැඩි දෙනෙක් ඉන්දියානුවෝය. ඉන්දියා ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ උදම් වූ අයුරකටය. පොඩ්ඩ බැරි වෙන්නට බැරිය. එසේ වුවහොත් එන්නේ රණ්ඩුවටමය. ඉන්දියාවේ බොහෝ ක්‍රීඩකයන්ට විවිධ අවස්ථා වලදී නරක හැසිරීමට දඩ නියම වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය බොහෝ විට නටන්නේ ඉන්දියාවේ පදයට බව බොහෝ දෙනකු පිළිගත් මතයකි. එමෙන්ම ඉන්දියාව ක්‍රීඩා කරන තරග වලට අදාල ක්‍රීඩාංගන ඔවුනට අවශ්‍ය පරිදි වෙනස් කරගන්නා බවට මෙම ලෝක කුසලානයේදී ඔප්පු විය. තණතිල්ල ඔවුනට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න ආකාරයද දක්නට ලැබිණි. එමෙන්ම ඉන්දීය කණ්ඩායම යම් තරගයකින් පැරදුනොත් ඔවුන්ගේ ක්‍රිකට් ලෝලීන් ක්‍රියා කරන ආකාරයද පිළිකුල් සහගතය. ගෙවල් ගිනි තැබීම, ක්‍රීඩකයන්ගේ රුව සහිත බැනර් පිච්චීම ඉන්දියාව පරාජය වූ විට දක්නට ලැබෙන සුලබ දසුන්ය. ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හැටියට එම තත්ත්වය අපට ශෝචනීය තත්වයකි. අන් රටවල් මෙන් පරාජය පිළිගැනීමට හැකියාවක් ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නොමැති වීම එයට හේතුවයි. තවත් හේතු ඇත.මෙවන් හේතු නිසා ඉන්දියාව පරදින තුරු ලොවම බල සිටින බවට අපට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී දැකගන්නට ලැබිණ. ඉන්දියාවේ සමහර ක්‍රීඩකයෝ සැබෑ දක්ෂයෝය. විරාට් කෝලි ඉන් එක් අයෙකි. නමුත් ඔහු ක්‍රීඩා පිටියේදී හැසිරෙන ආකාරය නිසා බොහෝ පිරිසකට ඔහු නයාට අදුකොළ වැනිය.