සතියේ අග දින දෙක යනු ගම්පහ ටියුෂන්
සිසුන්ගෙන් පිරීයන දින දෙකකි.එම සිසුන්ගෙන් 10%ක්වත් පන්ති නොයන බව අප දකින සත්‍යකි.එම
සිසුන්ගෙන් කොටසක් මල්වත්තටද තවත් කොටසක් සිනමා ශාලාවල් වලටද තවත් සමහරක් ලැගුම්
හල් වලටද තවත් කොටසක් උඩුගම්පල මන්තිරුවටද රහසේම රිංගා ගනියි.දෙමාපියන් සිතන්නේ තම
දරුවා පන්තියක ඉදිරි පස පේළියක හොදින් අකුරු ඉගෙන ගන්නා බවයි.නමුත් ඇත්ත වශයෙන්ම
වන්නේ එම පන්තියේ අවසන් පෙලියවත් නොපෙනෙන තරම් දුරක පදුරක් හෝ බැංකුවක් මත්තේ හිද
සිපගැනීම ඉගෙන ගැනීමයි.මෙයට දෙමාපියන්ගේ නොසලිකිල්මත් බවද වග කිව යුතුය.නමුත්
දෙමාපියන් කුමක් කරන්නද?තම කුසින් වැදු තම ආදරණිය දරුවා තමාට
පිටු පා යයි කියා සිතන්නේ කෙලෙසකද?තම
දෙමාපියන් මහන්සියෙන් හම්බ කරන පඩියෙන් ලැබෙන රුපියල් 3000 මෙලෙස විනාශ වී යයි.
මෙහි තර්ජනය පවතින්නේ පිරිමි ළමුන්ට
නොව ගැහැණු ළමයින්ටය.සමහර දියණියන්ගේ මව්වරු නම් දියණිය සමගම පැමිණ පන්ති නිම වන
තුරු හිද දියණිය සමගම ආපසු ගෙදර යයි.නමුත් එලෙස වන්නේ 1%කටත් වැඩ අඩු ප්රතිශතයකි.තම
පවුලේ ගෞරවය වන දියණියක් එලෙසින් තැන් තැන්හි එලිමත්තේ සිපගන්න බවක් දන්නෙහිනම්
ඔවුන්ට කෙතරම් දුක සිතෙනු ඇත්ද? තම දෙමාපියන් බිත්ති හතරක් තුල අදුරේම
සිදු කල දෑ තම දියණිය එලිමත්තේම කිරීම කෙතරම් ඛේදජනකද?
මිට වසර දෙකකට පමණ පෙර සිදු කල
සංගණනයකින් හෙළි වුවේ ගම්පහ නගරය තුල ලැගුම් හල් 400ක් පමණ ඇති බවය.සංචාරක නගරයක්
නොවන ගම්පහ නගරය තුල මෙතරම් ලැගුම් හල් කුමකටද යන්න එදත් අදත් ගැටලුවකි.මෙම
ලැගුම්හල් තුල බොහෝ දියණියන්ගේ පතිවත අතුරුදහන් වන්නේය.
බොහෝ විට පොලිස් පොතෙත් මෙම ටෙලි නාට්‍යයේ
තිරපත ලියවෙයි.මංගල රැයෙදී තම ස්වාමියාට පෙන්නීමට තිබෙන පතිවත හෝටල් කාමර වල ඇද
ඇතිරිල්ලට පෙන්වා හමාරය.ආදරයේ නාමයෙන් නරුමයෙකුට හසු වුවහොත් තම පතිවත ගම්පහටම
පමණක් නොව මුළු ලංකාවටම පෙන්වීමට සිදු වෙයි.
මන්ද යත් අධික විශ්වාසය යන නාමයෙන් එන
මෝඩකම නිසා තමා හා රාගයේ යෙදෙන නාටකය පටිගත කරගැනීමට පෙම්වතාට ඉඩ දීමෙන් තම
චරිතය බඩුවක් කල හැකිය.පෙම්වතා හා තරහා වූ
වහා ඔවුන් කරන්නේ එම නාටකය වට්ස් ඇප් හරහා රටටම බෙදා හැරීමයි.ඉන් පසු ජීවිතය නැති
කරගැනීමට හෝ සමාජයෙන් බඩුව යන පදවි නාමය අසා ගැනීමට සිදු වෙයි.සමහරු දෙවැන්න
තෝරාගනියි.මැරෙනවට වඩා බඩුව යැයි අසමින් ජිවත් වීම හොදයැයි සිතනා අය එම සිදුවීම තම
ජිවිතයට රුකුලක් කරගෙන ජීවිතය හැඩගසා ගනියි.නමුත් 'සම හරක්'එම සිදුවීම මුලට තබා තම ජීවිතය ඇත්ත
වශයෙන්ම බඩුවක් බවට පත් කරගැනීමට අතින් අතට යනු ඇත,වැදගත් කරුණක් ඉතුරු වෙනු ඇත.එවන් වීඩියෝ පට වල සිටින සැම කෙල්ලෙක්ම
බඩුවක් නොවේ.ඒ සිටින්නේ අධික ලෙස තම පෙම්වතාව විස්වාස කල තවත් එක් පෙම්වතියක් පමණි
.නමුත් ඒ පෙම්වතියම පෙර කි ලෙස අධික විශ්වාසය නමින් එන මෝඩකමට හසුවී තම ජීවිතය
නරුමයෙක්ට බිලිදුන් තවත් එක් හිතුවක්කාර දියණියක් බව මතක තබා ගත යුතුය.මන්ද ඇය තම
දෙමාපියන්ට පිටුපා අවසන්ය.දියණියක් වශයෙන් ඇය කල දේ කිසිවිටෙක පිළිගත නොහැකිය.ඇය
දැන දැන අමාරුවේ වැටීම පිළිබද අපට අනුකම්පා කල නොහැක්කේ එනිසාය.එවන් සිද්ධියක්
වූවානම් කලයුත්තේ එම නරුම ක්‍රියාව සිදු කල පෙම්වතාට වරද පටවා අතින් අත ගොස්
ඇත්තෙන්ම බඩුවක් වීම නොව එම සිදුවීම රුකුලක් කරගනිමින් ජීවිතය හැඩගස්වා ගැනීමයි.
අතිශයින්ම ටියුෂන් නගරයක් වන ගම්පහ
බොහෝ ලාබාල පෙම්වතුන් පන්තියට නොගොස් හොර පාරේ විවිධ ස්ථාන ආශ්‍රිතව පැමිණීම
අතිශයින්ම දුකට කරුණකි.විශේෂයෙන්ම ඊයේ පෙරේදා උසස් පෙළ පටන් ගත් වයස 16ක 17ක
සිසුන් මෙම ස්ථාන වල බහුලව දැකිය හැකිය.තවද සාමාන්‍ය පෙළ වයසේ පෙම්වතුන් දැකීමද
දැන් දැන් මෙහි සුලබ වෙමින් පවතී.බොහෝ තැන් වල දැකගත හැකි අවිනීත දසුන් වල නළු නිලියන් ආදරයේ නියම අරුත නොවැටහෙන ලාබාල
වයසේ දරුවන් වීමද දුක මිස සතුට නොදෙන දර්ශනයකි.
තමන්ගේ දියණිය නැගණිය හෝ වෙනත්
සහෝදරියෙක් මෙලෙස අකාලයේ ගැහැණියෙක් වීම වලක්වා ගැනීමටනම් ඔවුන් පස්සෙන්ම විත්
ඔවුන් ගැන නිතර හොයා බලා දැඩි අවධානයෙන් ඔවුන්ව ආරක්ෂා කරගත යුතු වෙයි.ගම්පහ අවට
ගැහැණු ළමයෙකුට විනාශ වීමට බොහෝ තැන් මෙන්ම නිදහස ඇති බැවින් ඔවුන්ව ආරක්ෂා
කරගැනීමේ වගකීම ඔබ සතුය.උදේ පන්ති ආ පසු හවස් වන තුරු නිදහස ඇති බව මතක තබාගන්න.ඒ
පැය කිහිපය ගැහැණු ළමයෙකුගේ ජීවිතය වෙනස් කිරීමට ප්‍රමාණවත් වේ.වරදක් සිදු වුවහොත්
නිවැරදි කරගැනීමට නොහැක.
No comments:
Post a Comment