2016-11-8
රවිඳු විරාජ් රණවක,
නො,25,
කටුකුරුන්ද,
හේනේගම,
සභාපතිනිය,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
මානව හිමිකම් කොමිසමෙන් ජනමාධ්‍යයෙන් හා
විදුහලෙන් සිදුවූ අසාධාරණයක් පිළිබඳවයි
මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදී සිසුවෙක්. හය
ශ්‍රේණියේ සිට එම විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. වසර හතරක පමණ කාලයක් පාසල් ශීෂ්‍ය භට
තුර්යවාදක කණ්ඩායමේ ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කළා.
මම එසේ කටයුතු කරමින් සිටිය දී 2014 මාර්තු
මාසයේදී විදුහල්පති ලාල් දිසානායක මහතාට විරුද්ධව දැවැන්ත සිසු උද්ඝෝෂණයක්
පැවැත්වුණා. විදුහල්පති ලාල් දිසානායක මහතා ශීෂ්‍යභට ඛණ්ඩයේ අපට මෙන්ම සාමාන්‍ය
ළමයින්ටත් නොහොබිනා වචන භාවිතා කරමින් බනිනවා. තවත් කෙණෙහෙළිකම් කරනවා. මෙම
තත්ත්වය ඉවසා දරගැනීමට නොහැකි නිසා තමයි සිසුන් උද්ඝෝෂණය කළේ. උද්ඝෝෂණය පැවති
මාර්තු 03 වැනි දා විදුහල්පති පාසලට ඇවිත්
හිටියේ නැහැ. පාසලේ කලබලකාරී තත්ත්වය නිසා
පොලිසියෙන් පාසලට ආවා. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා හා
ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතා සමග මේ තත්ත්වය ගැන විශේෂ
සාකච්ඡාවක් විදුහල්පති කාමරයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවට මමත් සචින් යාපා ඇතුළු
තවත් සිසුන් පිරිසකුත් සහභාගී වුණා. විදුහල්පතිගේ ගැටළු සම්බන්ධයෙන් අපි එහිදී
සියලු කරුණු පොලිසියට ලබා දුන්නා.
එලෙස සාකච්ඡාව යන අතරතුර පාසලේ ගේට්ටුව අසලදී
මාධ්‍යවේදින් දෙදෙනකු යම් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී තිබුණා. එම අවස්ථාවේ මම
හිටියේ සාකච්ඡාවේ. ඉන් දින කිහිපයකට පසු පොලිස් නිලධාරියෙක් අපේ නිවසට පැමිණ මා
යතුරු පැදියේ නංවාගෙන පොලිසියට ගෙන යාමට උත්සහ කළා. මගේ මව එය වැළැක්වුවා. ඉන්පසු
පොලිසියේ දැනුම් දීම මත මම ගම්පහ මුලස්ථාන පොලිසියට ආවා. මගේ ප්‍රකාශයක් අරං මම
මාධ්‍යවේදින්ට පහර දුන්නා කියමින් මාව අත්අඩංගුවට ගත්තා.
දැනට වසර දෙකක් තිස්සේ ඒ නඩුව ගම්පහ උසාවියේ
විභාග වෙනවා. පොලිසිය මාව බොරුවට අත්අඩංගුවට ගත්තේ. ඒ කියන අවස්ථාවේ අවස්ථාවේ මා
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමග සාකච්ඡාවේ සිටි බව සනාථ කරමින් නියෝජ්‍ය
විදුහල්පති සුනිල් නානායක්කාර මහතා ලියුමකුත් දුන්නා. එසේ තිබියදී බොරු චෝදනා මත
මා අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම සිදුවීමෙන් පසු මා පාසල් ගිය විට
විදුහල්පතිවරයා කතා කර විදුහල්පතිට විරුද්ධව ප්‍රකාශ ලබා දී ඇති බව කියමින් හොදටම
බැන්නා. මෙතන ප්‍රශ්න ඇති කරන්න ඉස්කොලේ එන්න එපා තමුසේ ගෙදරට වෙලා ඉදන් විභාග
ලියන්න විතරක් මෙහෙට එනවා කියලා විදුහල්පති මට ගෙදර යන්න කිව්වා.පන්ති භාර සර්ත්
කිව්වා පුතේ ඔයා ඉස්කෝලේ එන්න ඕන නැහැ, ගෙදර ඉදන් වැඩ කරගන්න කියලා. ඒ අනුව මා
ගෙදරට වී විභාගයට සුදානම් වුණා. ඉඳහිට දවස් කිහිපයක් පමණක් පාසලටත් ගියා.
2015 මාර්තු මාසයේ මුල උසස් පෙළ ප්‍රවේශ පත්‍ර
වලට අත්සන් කරන බව ආරංචි වී මා පාසලට ගියා. විදුහලපතිවරයා කිව්වා තමුසෙගේ නම නාම
ලේඛනයෙන් අයින් කරලා තියෙන්නේ. ඕනනම් ප්‍රයිවට් කරන්න කියලා. මගේ පියා අනතුරකින්
මිය යාම ගැන හා පවුලේ අපහසුතා දැනුම් දී මට පාසල් අයදුම්කරුවකු ලෙස පෙනී සිටිමට
අවස්ථාව ලබා දෙන ලෙස ඇවිටිලි කළත් අවස්ථාව ලැබුණේ නැහැ.
ඉන් පසු මා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි
කරන්න ගියා. එහි සිටි නිලධාරියෙක් මගෙන් කරුණු විමසා විදුහලප්තිවරයාට දුරකථන
ඇමතුමක් ගෙන කථා කළා. ඔහු මට කීව්වා පැමිණිල්ලක් දාන්න අවශ්‍ය නැති බව. මට ප්‍රවේශ
පත්‍ර ලබා දීමට විදුහල්පති කැමැත්ත පළ කළ නිසා වහා ගොස් විදුහල්පති හමුවන ලෙස ඔහු
කිව්වා. ඒ අනුව පසුදා මා පාසලට ගොස් විදුහල්පති හමුවී කථා කළත් මට සහනයක් ලැබුණේ
නැහැ. මට උසස් පෙළ පාසලෙන් ලිවීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා විදුහලපතිට ලියාපදිංචි
තැපැලෙන් ලියුමකුත් දැම්මා. ඊට ප්‍රතිචාරයක් ලැබුණෙත් නැහැ. ඉන්පසු මා යළි මානව
හිමිකම් කොමිසමට ආවා. ඇවිත් එච් ආර් සී 810/15 අංකයෙන් 2015 මාර්තු 06 පැමිණිල්ලක්
දැම්මා.
2015 මාර්තු
26 එම පැමිණිල්ල විභාග කළා. මම පාසල් නොපැමිණි නිසා මට ලිඛිතව දැනුම් දී
මගේ නම නාමලේඛනයෙන් ඉවත් කළ බව විදුහල්පති කිව්වා. මට පාසල් එන ලෙස දැනුම් දීමට
සහකාර විදුහල්පතිරයෙකු හා ගුරුවරයකු මගේ නිවසට එවූ බවත් විදුහල්පති කිව්වා.
විදුහල්පති එහෙම කිව්වත් ඒ සියල්ල බොරු. මට ලිපියක් එව්වෙත් නැහැ. මගේ නිවසට
ගුරුවරයකු හෝ සහකාර විදුහල්පතිවරයෙකු ආවෙත් නැ. ඒ බව මම එදින මානව හිමිකම් කොමිසමට
කිව්වා .
මට සියයට අසූව නැතැයි කියමින් පාසල් සිසුවකු ලෙස
පෙනී සිටිමට අවස්ථාව නොදුන්නත් සියයට අසූව
නැති තව බොහෝ දෙනකුට විභාගය ලියන්න අවස්ථාව විදුහල්පති ලබා දී ඇති බව මම කොමිසමට
කිව්වා. මට අවස්ථාව නොදුන්නේ එදා මම විදුහල්පතිට විරුද්ධව පොලිසියට කරුණු කිව්වා
නිසයි. එවිට පැමිණිල්ල විභාග කළ නිලධාරීන් පුතා ඔයා මහන්සි වෙලා පෞද්ගලික
අයදුම්කරුවකු ලෙස විභාගය ලියන ලෙස උපදෙස් දී පැමිණිල්ල විභාගය නතර කළා. මගේ මූලික
අයිතිවාසිකම් කඩ වීම අනාවරණය නොවන බව කියමින් 2015 08 15 වෙනි දා මට ලියුමක් එවා
තිබුණා.
මට පාසල් සිසුවකු ලෙස
විභාගයට
පෙනී සිටිමට නොහැකි වීම නිසා මා දැඩි මානසික පීඩනයකට ලක් වුණා. අවස්ථාවන්
කිහිපයකදී මානසික පීඩනය නිසා මා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා. මේ ගැටළුව නිසා මට
හරියට විභාගය ලියාගන්නත් බැරි වුණා. මට මේ අසාධාරණය වෙලා දැන් අවුරුද්දක්. මාව
බොරුවට අත්අඩංගුවට අරන් දැන් අවුරුදු දෙකක්. මේ නිසා මා තවමත් මානසිකව පීඩන
විඳිනවා. මට පොලිසියෙන් අපේ පාසලෙන් හා මානව හිමිකම් කොමිසමෙන් සිදූවු අසාධාරණය
ගැන සොයා බලා නැවත වෙනත් කෙනෙකුට මෙවැනි අසාධාරණයක් සිදුවීම වැළැක්වීමට පියවර
ගන්නා ලෙසත්, මට සාධාරණයක් කර දීමට මැදිහත් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මට බොරු නඩු පැටලෙව්වා. මම නීතීඥවරුන්ට සල්ලි
විදයම් කරන් නඩු කියනවා. ඒ සියලු විදයම් විදුහල්පතිගෙන් සහ පොලිසියෙන් අරගෙන දෙන
ලෙසත් ඉල්ලා සිටිනවා. මං ගැන බොරු වාර්තා සමහර මාධ්‍යවල දමා තිබුණා. පාසල්
සිසුවකුගේ නම් ගම් බොරුවට පත්තරවල දාන එකත් වැරදි. ඒ ගැනත් සොයා බලන්න.
ස්තුතියි
මීට විශ්වාසී
රවිඳු විරාජ් රණවක
මෙය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ රවිඳු විරාජ් රණවක විසින් මානව හිමිකම් කොමිසමට යැවූ ලිපියක් වන අතර මෙහි අන්තර්ගතය පිළිබඳව වගකීමක් ‘හිරුසඳු‘ දරන්නේ නැත.
Read in English(Click here)
Read in English(Click here)
No comments:
Post a Comment