නයිජීරියාවට ආනයනය කළ ප්ලාස්ටික් සහල් තොගයක් එරට රේගුව අත්අඩංගුවට ගත් බව බීබීසිය වාර්තා කළේය. ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන්නේ කවුද යන්න තහවුරු වී නොමැති නමුත් මෙවැනි සහල් නිෂ්පාදනය වන බව දැනගන්නට ඇත.
ටොන් 2.5ක් පමණ වු එම තොගය නත්තල් සමය හේතුවෙන් වෙළඳපොළට බෙදාහරින්නට
ආනයනය කර ඇති බව එරට රේගු නිලධාරීහු පැවසුහ.
ප්ලාස්ටික් උණු කර නුල් ආකාරයට සකසා ඒවා හාල් ඇටයේ හැඩයට කපා මේ සහල්
නිෂ්පාදනය කරන බව දැනගන්නට ඇත.
මේ සහල් ස්වාභාවික සහල් ද නැතිද යන්න පවා තීරණය කිරීමට අපහසුය.පසුගිය
වසරේ(2015) මෙවන් තොගයක් චීනයෙන් සොයාගත් අතර බොහෝ සමාජ ජාලා කියනුයේ මේ සහල්
චීනයේ නිෂ්පාදනය කරන බවයි.
මේවා පරිභෝජනය කරන්නන්ට අත්වන ඉරණම ගැන කිව යුතු නැත.ප්ලාස්ටික්
ආහාරයට ගත්තා හා සමානය.
මේවාට ස්වභාවික සහල්ද මිශ්‍ර කරන බව සමාජ ජාලා සඳහන් කරයි.
මේවා නිෂ්පාදනය කරන්නේ මිනිසුන් ද නොමිනිසුන්ද යන්න සිතා ගත නොහැකිය.මුදල්
වාසි පතා තමන්ගේම වර්ගයාට විස කවන පුද්ගලයින් ලොව සිටිනවා ද යන්න සිතා ගත නොහැකිය.
“මේවා පරිභෝජනය කළහොත් වෙන දේ සිතාගන්නට නොහැකියි“නයිජීරියා ප්‍රධාන රේගු නිලධාරී හරුනා මමුදු බීබීසියට පැවසීය.
ප්ලාස්ටික් දිරවන්නේද නැති බව බොහෝ අය දන්න සත්‍යකි.පරිසරයට මුදා
හරින ප්ලාස්ටික් බෝතලයක් සම්පුර්ණයෙන් දිරාපත්වීමට අවුරුදු 450ක් ගතවන බව postconsumers වෙබ් අඩවිය වාර්තා කරයි.මේවා ආහාරයට
ගත්තානම් කුමක් වේදැයි සිතා ගත හැකියි.
මේවා ආහාරයට ගත්තානම් කී දෙනෙක් මොනයම් රෝග වලට මුහුණ දීමට සිදුවේවිද?මේවා පිළිබඳ සියලු
ලෝකවාසීන් දැනගත යුතුයි.මේ හසුවු එක් තොගයක් පමණක් වන්නට ඇත.නොදැන බෙදා හැරෙන සහල්
තොග කොතරම් ඇත්ද?
මේ සහල් පිසු පසුද හඳුනාගැනීමට අපහසු බව නයිජීරියා රේගු බලධාරීහු
කියති.සුවඳින් හඳුනාගැනීමට හැකි බවද එවිට රසායනික සුවඳක් එන බවද කියති.
මෙවන් පහත් ක්‍රියා කරන ව්‍යාපාරිකයන් ලොව සිටින බවත් මෙවන් පහත් ව්‍යාපාරියකයින්
ඕනෑම රටක සිටිය හැකි බවත් අපි මතකේ තබා ගත යුතුයි.
ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන ආකාරය දැක්වෙන බව කියන වීඩියෝවක් පහත දැක්වෙයි.
Read in English
(ඡායාරූප-බීබීසිය)
ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන ආකාරය දැක්වෙන බව කියන වීඩියෝවක් පහත දැක්වෙයි.
Read in English
(ඡායාරූප-බීබීසිය)
No comments:
Post a Comment