මේ දවස් වල ප්‍රසිද්ධ සංවාදයක් ලෙස පුද්ගලික විශ්ව
විද්‍යාල විරෝධය සැලකිය හැකියි.මෙය නිවැරදි
පුද්ගලයන් විසින් කරන නිවැරදි විප්ලවයක්
ලෙස සැලකිය හැකි නමුත් නිවැරදි ආකාරයට සිදු කිරීමක් ලෙස සැලකිය නොහැක්කේය.එම
අරගලයේ පටලවාගත් ස්වරුපයක් දක්නට ලැබේ.හරි
වැරැද්ද කුමක්දැයි නොදැන සමහරු මේ සදහා ක්‍රියා කරති .පහුගිය දිනෙක සාකච්චාවක දී
පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධී පිරිසක් ප්‍රශ්න හමුවේ නිරුත්තර වූ බව දැකගත හැකි විය.පෞද්ගලික
ටියුෂන් පන්ති ගැන ඔබ දරන මතය කුමක්ද කියා ඇසු විට නිරුත්තර වූ ඔවුන් ගේ ක්‍රියාවෙන්
පෙනී යන්නේ නිවැරදි රාමුවක් සහ අදහසක් ඔවුන් තුළවත් නොමැති බවයි.
සිදු විය යුත්තේ එය නොවේ.මුලින්ම පෞද්ගලික විශ්වවිද්‍යාල
විරෝධීන් එකට එකතු වී ඔවුන් කුමක් කරන්නට යන්නේද කියා එක මතයකට පැමිණිය යුතුය.ගැටලුව
ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ල සමග නොවේය.ගැටලුව ඇත්තේ සයිටම් හි වෛද්‍ය
උපාධිය සමගයි.එය ඔවුන් අතින්ම කිහිප වතාවකම කියවිණි.නමුත් ඔවුන් කියවන්නේ ප්‍රයිවට්
වචනය අල්ලාගත් සටන් පාටය. ඔවුනට වැරදුනේ එතනය.තවද ඔවුන් ඉල්ලා සිටින්නේ පෞද්ගලික
විශ්වවිද්‍යාල වසා දැමිය යුතුය කියාය.ඔවුනට වැරදුන තවත් තැනකි.ඇත්තෙන්ම කල යුත්තේ
පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දැමීමද?නැත.
සිදු විය යුත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල නිසි ප්‍රමිතියකට
රජයේ අධීක්ෂණය යටතේ නිසි රාමුවකට යටත් කිරීමය.ඔවුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැ
ගැසුවාට එයින් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුළු කරගන්නා පිරිස වැඩි වෙන්නේද?නැත.එසේනම්
එම ව්‍යාපාරය වෙනස් විය යුතුද?වෙනස් විය යුතුමය.අරගල කිරීම නරක ක්‍රියාවක්ම
නොවන්නේය.නමුත් නිසි රාමුවක් සහ සාධාරණ මතයක් නොමැති වීමෙන් එම අරගලය තේරුමක්
නොමැති විහිළුවක් බවට පත් වන්නේය.මතක තබා ගත යුතු කරුණ වන්නේ කොතරම් අරගල කලත් රජය විසින් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුළු කරගන්නා
පිරිස වැඩි කරන්නේ නැත.එසේනම් කුමක්ද අරගලයේ ඉලක්කය විය යුත්තේ?පෞද්ගලික විශ්වවිද්‍යාල
වසා දැමීමද?.ඒවා වසා දැමුවහොත් විශ්වවිද්‍යාල වරම් නොලැබූ සහෝදර සහෝදරියන්ට කුමක්
වන්නේද?ඔවුහු ඉගෙනීම නතර කල යුතුද?එසේත් නැතිනම් උසස් අධ්‍යාපනය ඔවුනට සුදුසු
නැතිද?මෙසේ බලන කල්හි පෙනී යන්නේ මෙම අරගලයේ මුලික හේතුව කුහුකත්වය කියාය.තමන්ගේම
රටේ තමන්ගේම සහෝදර සහෝදරියන්ගේ උසස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීම නොවේද?වැරැද්ද
එතැනය.අරගලයේ නිසි තේරුමක් නොමැත.කරන්නන් වාලේ කිරීමක් පෙනෙන්නට ඇත.කනිෂ්ටයන් ද
ජෙෂ්ටයන් කියූ නිසා කරන්නක් අනුගමනය කරයි.ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවොත් ඔවුන්
නිරුත්තර වී යයි.එයට හේතුව කුමක්ද?අරගලයේ නියාමකයෝද අරගලයේ තේරුමක් නොදන්නිය.එසේම
එය කුමක් සදහාද අන්තර්ගතය කුමක්ද යන්න මහජනයා අතරට පැමිණෙන පෞද්ගලික විරෝධීන්
නොදන්නිය.මෑත දිනක කොටුව දුම්රිය පළේදී අරගලයේ කොටස්කරුවන් දෙදෙනෙකු අප සිටි
දුම්රියට ගොඩ වී අරගලය ගැන කියන්නට විය.ඔවුන් පැමිණ සිටියේ වෙන එකකට නොව අරගලය
සදහා මුදල් එකතු කරන්නටය.එය දැක පමණින් සිනාවක් උපදවයි.මන්ද?පෞද්ගලික විශ්වවිද්‍යාල
වලට එරෙහිව යන ඔවුන් එම අරගලයට එසේත් නොමැතිනම් පෞද්ගලික ක්ෂේත්‍රයට වැට බැදීමට
මාන බලන ඔවුහු පෞද්ගලික ක්ෂේත්‍රයේ අයගෙනුත් මුදල් එකතු කරති.මෙය එක්තරා ආකාරයෙන්
විහිළුවකි.එයට හේතුව ඔවුන්ගේ අරගලය ගැන කියූ කතාවේ තිබුනේ තනිකර කුහකත්වය යැයි
බොහෝ දෙනාට හැගී ගිය නිසාය.”අම්මේ තාත්තේ අක්කේ අයියේ මාමේ නැන්දේ අපි අහවල්
කැම්පස් එකෙන්.අපි ප්‍රයිවට් කැම්පස් වලට එරෙහි ව්‍යාපාරය කරන්නේ.අද අධ්‍යාපනය
පෞද්ගලිකරණය වී තිබෙනවා.අපි මේ මහන්සි වෙන්නේ ඔබේ දරුවාගේ අනාගතය එහෙමත් නැත්නම්
උපදින්න ඉන්න දරුවාගේ අනාගතයෙ නිදහස් අධ්‍යාපනය සුරකින්නටයි. අද දහස් දෙනා උසස්
අධ්‍යාපනය සදහා NSBM,SAITM, වැනි උපාධි කඩ වලට යනවා.අපි මේක නතර කල යුතුයි.අපි මේ
ගන්නා ක්‍රියාමාර්ගය ඒ සදහායි.”
“ඕකුන් අරගල කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් නම් ඇයි
අපේ දරුවෝ ඉගෙන ගන්න එකට විරුද්ධ වෙන්නේ”ඔවුන්ගේ කතාව ඇසු එක මහත්මයෙක් කියුවේය.පසුව
දැනගන්නට ලැබුනේ එම මහත්මයාගේ දරුවාද පෞද්ගලික
විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන බවයි.ඔහුගේ කතාව නිසැක වශයෙන්ම සත්‍ය වන්නේ ඔවුන්ගේ
කතාවේ ඇති කුහකත්වය නිසා නොවේද?ඔවුන් අරගල කල යුත්තේ රජයට විරුද්ධව මිසක ඔවුන්ගේම
සහෝදර සහෝදරියන් සමග නොවේය.අද දහස් ගණනක් පෞද්ගලික විරෝධීන් සමග අමනාප වී සිටින්නේ
එහෙයිනි.
“අද දහස් දෙනා උසස් අධ්‍යාපනය සදහා NSBM,SAITM,
වැනි උපාධි කඩ වලට යනවා අපි මේක නතර කල යුතුයි.”මේ වැකියෙන් ඔවුන්ගේ අරගලයේ ධනාත්මක
පැත්ත කියවෙන්නේ නැත.එයින් පෙනී යන්නේ කුහකකමකින් අරගල කරන ස්වරූපයකි.දහස් දෙනා
උසස් අධ්‍යාපනය දැරීම වරදක්ද?නැත.එය රටේ දියුණුවට හේතු වනවා නිසැකය.වරද ඇත්තේ උසස්
අධ්‍යාපනය සදහා ඒවාට යාම නොවේය.ඔවුන්ගේ අරගලයේ ඇත්ත ස්වරුපය නම් සයිටම්හි වෛද්‍ය උපාධියේ
ප්‍රමිතිය සමබන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමටය.නමුත් ඔවුන් බහුතර පෞද්ගලික යන වචනය
අල්ලා ගැනීමෙන් සියල්ල වරදවාගන්නේය.
එමෙන්ම ඒ අවස්ථාවේ මට එහා අසුනේ සිටියේ රජයේ
විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ මේ වන විට රටේ වගකිවයුතු ආයතනයක සේවය කරන මා දන්නා
හදුනන සහෝදරයෙකි.මා සිතුවේ ඔහු එම අරගලයට සහය දක්වනු ඇතැයි කියාය.නමුත් ඔහු ගත්
කටටම කිවේ එය බොරු වැඩක් කියාය.පදනමක් නොමැතිව ක්‍රියා කිරීමක් ඔවුන් අතින්
සිදුවෙන බව ඔහු මට කිව්වේය.පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ලටම විරුද්ධව යාම නිෂ්පල
ක්‍රියාවක් බවත් එමගින් ඔවුන්ගේ අරගලය පුස්සක් බවට පත් වන බවත් ඔහු පැවසිය.විශේෂ
දෙයක් ඔහු කිවේය.එයනම් ඔවුන් පෞද්ගලික යන වචනය අල්ලාගෙන අරගල නොකර සයිටම්
විශ්වවිද්‍යාලයේ හෝ අනෙකුත් විශ්වවිද්‍යාල වල ප්‍රමිතිය උසස් කරන ලෙස ඉල්ලා හෝ ඒවා
රජයේ අධීක්ෂණයට නතු කරගන්නා ලෙස ඉල්ලමින් උද්ගෝෂණ ව්‍යාපාරය දියත් කරන්නේනම් එයට
පෞද්ගලික විශ්වවිද්‍යාල වල සහයද ලැබෙන බවය. සත්‍යයකි.එය සියයට දෙදාහක් සත්‍ය බව
හැගෙන්නේය.ඔවුන් එම අරගලය එසේ කරන්නේනම් මාගේ සහයද ඔහුනට ලැබෙනු ඇතැයි මාගේ
විශ්වාසයයි.එසේනම් මුළු ලංකාවේම සහය,ශක්තිය ඔවුනට නිසැකයෙන්ම ලැබෙන්නේය.එසේනම් ඔවුන්ට
එම අරගලයේදී සිදුවෙන අසාධාරනකම් වලදී මුළු
මහත් ජනතාවම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව නොරහසකි.නමුත් අද තත්වය වෙනස් වී ඇත.ඔවුන්ට
එල්ල වෙන අසාධාරනකම් වලදී කතා කරන්නට කිසිවෙක් ඉදිරිපත් වන්නේ යැයි කිව නොහැකිය.එයට
හොද උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය ජාල ගත හැකිය.මිට පෙර නම් ඔවුන්ගේ උද්ගෝෂණ වලට එල්ල
වෙන ප්‍රහාර වලට සියල්ලෝම විරුද්ධ වෙමින් ඔවුන් වෙනුවෙන් කතා කළහ.නමුත් දැන් එසේ නොමැත.එසේ
එල්ල වෙන ප්‍රහාර වලදී ඔවුනට හොද වැඩේ කියන පිරිසක් බිහි වෙමින් පවතී.එයට ඔවුන්ගේම
ක්‍රියාකලාපය හේතු වූ බව සියල්ලෝම දනිති.
එම දුම්රියේ සිටි සමහරක් කිවේ ඔවුනට දෙන මුදල
හිගන්නෙකුට දීම යහපත් බවය.නමුත් ඔවුනට මුදල් නොදුන්නාම නොවේ.නමුත් මුදල් පරිත්‍යාග කලේ බොහෝම
අතලොස්සකි.එලෙස මුදල් ඉල්ලා පැමිණීම පෞද්ගලික අංශයේ අයට විහිළුවක් විය.
ඔවුන්ගේ තවත් මතයකි.”සල්ලි තියෙන එකා කොහොමහරි
ඉගෙන ගන්නවා එත් දුප්පතාට එලේවල් පාස් උනේ නැත්නම් මොකුත් නැහැ.අපේ මේ අරගලය ඔවුන්
වෙනුවෙන්.”එසේනම් අරගලයෙන් පසු සිදුවිය යුත්තේ රජයේ විශ්විද්‍යාල වලට බදවාගන්නා
සිසුන් ප්‍රමාණය වැඩි වීමයි.එසේ වන්නේද?නොවෙයි.එසේනම්???තවත් දෙයකි.පෞද්ගලික විශ්වවිද්‍යාල
වල ඉගෙන ගන්නා සැවොම සල්ලිකාරයෝ නොවෙති.බොහෝ අය ඉඩමක් උකස් කර හෝ ණයක් ලබාගෙන ඉගෙන
ගනිති.මා දන්නා අදුනන බොහෝ අය එසේය.තාත්තා අම්මා දෙදෙනාම වැඩට ගොස් හම්බෙන පඩියෙන්
ඉගෙනීමට වියදම් කිරීමට බැරි තැන තමන් ඉන්නා හිදින නිවස උකස් කර දරුවාගේ උසස් අධ්‍යාපනය
සදහා මුදල් ලබාදෙයි.”අපේ දරුවා ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරලා අපේ ගේ බෙරගනියිනේ “කියන
අහිංසක පැතුම සහිත දෙමාපියන්ගේ දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වල සිටින බව මතකේ
තබාගත යුතුමය.සමහරවිට මේ අරගලය ඒ අහිංසක පැතුම මකාදමන්නට ද විය හැකිය.මොනයම්
හේතුවක් නිසා හෝ එලේවල් විභාගය යන්තමින් පැරදුනු තම පුතා දුව වෙනුවන් ඉඩමක් උකස්කර
හෝ උසස් අධ්‍යාපනය සලසා දීම වරදක් සේ හැගීම අතිශය දුක්ඛිතය.
අනෙක ඔවුන් අරගල කරන්නේ රටේ පිඩිත පන්තිය
අපහසුතාවයට පත් කරමිනි.රජයේ බදු සහ අනෙකුත් හිංසාවන් නිසා පිඩා විදින ජනතාවගේ ගමන්
මග අවහිර කරමින් ඔවුහු උද්ගෝෂණ කරති.එමගින් යහපතක් සිදුවන්නේද?නැත.අවසානයේ
සිදුවන්නේ ඔවුනට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර භුක්ති විදින්නට සිදු වීම සහ ඔවුන්
කෙරෙහි රටවැසියන්ගේ කැමැත්ත මනාපය සහ විශ්වාසය බිදී යාම පමණකි.ඔවුන්ගේ උද්ගෝෂණයකදී
මහාමාර්ග සම්පුර්ණයෙන් හෝ අඩක් වශයෙන් වැසි යන්නේය.එමගින් කොළඹට එන හෝ කොළඹින් යන
බොහෝ අයගේ ගමන් මාර්ග අවහිර වී එදිනෙදා කටයුතු අඩාල වී යන්නේය.සමහර විට පෞද්ගලික
විරෝධීන් කරන්නා වූ එම අරගලයෙන් රාජ්‍ය සේවකයින් සහ රජයේ පාසල් වල ඉගෙනුම ලබන දරුවන්
ද අපහසුතාවයට පත් වන්නේය.එය ඔවුන්ගේ අරගලයේ ඇති දුර්වලතාවයකි.එමගින් කිසිසේත්ම
ජනතාවගේ ආදරය ඔවුන් වෙත ලැබෙන්නේ නැත.ජනතාව ඔවුන් කෙරෙහි වෛරයක් ඇති කරගැනීමට එමගින්
තල්ලු වෙති.ඕනෑම රජයේ විශ්වවිද්‍යාල වල උද්ගෝෂණයක් අවසානයේ ජනතාවගේ අදහස් වලින් එම
තත්වය මනාව පෙනී යයි.
එසේනම් විය යුත්තේ ඔවුන්ගේ අරගලය වෙනස්
කිරීමයි.සටන්පාට වෙනස් කිරීමයි.පෞද්ගලික විශ්විද්‍යාල වසා දමනු පෞද්ගලික විශ්වවිද්‍යාල
රජයට පවරා ගනු ලෙස හෝ ඒවා රජයේ අධික්ෂණයට නතු කරගනු ලෙස වෙනස් විය යුතුය.
හොර උපාධි කඩ වසා දමනු නොවේ හොර උපාධි කඩ නීතියට
යටත් කරගනු ලෙස යොදාගත යුතුය.සයිටම් වසා දමනු නොවේ සයිටම් රජයට පවරා ගනු ලෙසයි.වෛද්‍ය
උපාධිය නතර කරන ලෙස නොවේ වෛද්‍ය උපාධිය රජයේ අධීක්ෂණයට නතු කරගන්නා ලෙස වෙනස් විය
යුතුය.මන්ද රටකට පෞද්ගලික විශ්වවිද්‍යාල අත්‍යාවශ්‍ය වේ.නමුත් ඒවා අත්තනෝමතික ලෙස පාලනය
වීම වැළක්විය යුතුය.නැතහොත් අහිමි වන්නේ රටේ අනාගතය මිස වෙන කිසිවක් නොව.වෛද්‍ය උපාධිය
නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යාම මගින් අනාගතයේදී බොහෝ ජිවිත අහිමි වීමට
හැකිය.මන්ද වෛද්‍ය වරයා යනු රටක ජිවිත සමග ක්‍රියා කරන තැනැත්තෙකු වීම නිසා ඔහුගේ
උපාධිය හොර කඩයකින් ප්‍රමිතියෙන් තොර එකක් වුවහොත් ඔහු අතින් සුවය පතා පැමිණෙන
රෝගීන්ට මරණය අත් වීමට ඇති ඉඩකඩ වැඩි නිසාය.එසේනම් විය යුත්තේ සයිටම් හි වෛද්‍ය
උපාධිය නිසි ප්‍රමිතියකට අනුව රජයේ අධීක්ෂණයට පවරා ගැනීම හෝ සයිටම් වැනි ගැටළු
සහගත පෞද්ගලික විශ්වවිද්‍යාල රජයට පවරා ගැනීමය.අරගල කල යුත්තේ ඒවා වැසීමට හෝ ඒවාට
යන තමන්ගේම සහෝදරයින්ට විරුද්ධව නොව එම විශ්වවිද්‍යාල රජයේ නිසි ප්‍රමිතියකට නතු කරගැනීමට
අරගල කිරීමටය.එම අරගලයට රජයේ විශ්වවිද්‍යාල වල සිසුන් පමණක් නොව පෞද්ගලික
විශ්වවිද්‍යාල වල සිසුන්ද එක් විය යුතුය.එමෙන්ම එක වනු ඇත.මෙය බලා සිටින අප කල
යුත්තේද රජයේ විශ්වවිද්‍යාල සිසුන් අවමානයකට ලක් කිරීම නොව ඔවුනට සත්‍ය වටහාගැනීමට
සහය වී ඔවුන්ගේ එම අරගලයට නියම අරුතක් ලබා දීමට සහය වීමය.එමගින් පෞද්ගලික
විශ්වවිද්‍යාල වල සිසුන්ට මෙන්ම මුළු මහත් රටටම සේවයක් මෙන්ම අරුතක් ලැබෙනු ඇත.බෙදී
වෙන්ව සිටින මෙම දෙපාර්ශවය එමගින් එක මතයක් යටතට ගෙන ආ හැකිය.එමගින් මෙම අරගලයේ
සැබෑ වීරයන් ලෙස රජයේ විශ්වවිද්‍යාල සිසුන් පත්වෙනු ඇත.නොඑසේනම් සිදු වන්නේ සැමදාම
රජයේ විශ්වවිද්‍යාල සිසුන් අවමානයකට ලක් වීම සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්
අපහසුතාවයට ලක්වීම පමණි.
මෙම අරගලය පොඩි අදහස් විමසීමක් සිදු කලෙමි.
“පෞද්ගලික පන්ති ගිහින් පෞද්ගලික විශ්වවිද්‍යාල
වලට පුප්පන එක විහිළුවක්”කුමාර-මිනුවන්ගොඩ
“ප්‍රයිවට් ඇලජික් නම් ඇයි ප්‍රයිවට් ක්ලාස් ප්‍රයිවට්
වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රයිවට් හොස්පිටල් ගැන අවුලක් නැත්තේ?ඔක්කොටම වඩා ප්‍රශ්න සිදුවෙනවා
ප්‍රයිවට් හොස්පිටල් වල” අන්ජිත කාවින්ද-ගම්පහ
“එකට ස්කොලේ ගිය තමන්ගේම යාලුවගේ බොක්කට ගහනවා
වගේ වැඩක් “
“ඔවුන් නිදහස් අධ්‍යාපනය වෙනුවන් හොද සේවයක්
කරනවා” රාජිත-උඩුගම්පල
“පුද්ගලික විශ්වවිද්‍යාල අනිවාරෙන්ම ලංකාවට අවශ්‍යයි.කැම්පස්
නොතේරුන අයට යන්න මාර්ගයක් ඕනා.”දමිත්-ජයවර්ධනපුර
“නිදහස් අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් කරන ඒ අරගලයේ
වැදගත්කමක් තියෙනවා.ඔවුන් අව්වේ වැස්සේ කට්ට කන්නේ ඒ වෙනුවෙන්”අබේවර්ධන-කොස්සින්න
“ඔවුන්ගේ අරගලය සාධාරණ විය යුතුයි.ඒ වගේම අනිවාරෙන්
සාධාරණ හේතුවක් තියෙන්නත් ඕනේ.” ගයාන්-අඹේපුස්ස
“ප්‍රයිවට් යුනිවර්සිටි වලටත් සල්ලි තිබ්බ කියලා ගන්නේ නැනේ.දක්ෂකමත් තියෙන්න ඕනේ.නැත්නම්
එක්සැම් වලින් ෆේල් කරනවා.මොකද ගවර්මන්ට් යුනිවර්සිටි අය කියනවා වගේ සල්ලි දුන්නම
නිකන් ඩිග්රි එක දෙන්නේ නැනේ මම මේ ගැන හොදට
දන්නවා අපේ අක්ක කෙනෙක් කන කට්ට දැකල.අපේ අක්කත් ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්නේ.එයා පැය දෙකයි නිදාගන්නේ.ඒ තරම් පාඩම් කරන්න
දේවල් තියෙනවා.” කළිඳු කල්හාර-කලගෙඩිහේන
පෞද්ගලිකරණය අකැප අධ්‍යාපනයට විතරද?
“ ඔවුන් කරන අරගලයේ සාධාරණත්වයක් තියෙනවා.හැබැයි
ඒ පෞද්ගලික මෙඩිකල් කැම්පස් වලට විරුද්ධව විතරක්නම්.මොකද එකේ ඇත්තක් තියෙනව.වෛද්‍යවරයෙක්
වුනහම සේවය කරන්නේ කොම්පියුටරයක් ඉස්සරහ හෝ පාරක තොටක නෙමේ ලෙඩ්ඩු එක්ක
මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක.ඉතින් ඒ ගොල්ලෝ කියනවා වගේ එහෙම වෛද්‍යවරයෙක් වෙන්නනම්
ඒ සදහා අවශ්‍ය මානසිකත්වය වගේම ඒ සදහා කරන කැපකිරීම අනිවරෙන් අවශ්‍යයි.එලේවල් ලාවට පාස් උන කෙනෙක් වගේම ඒ සදහා නුසුදුසු කෙනෙක් වෛද්‍ය උපාධියක් ලබාගැනීම භයානකයි.එකෙන්
ජිවිත ගොඩක් නැති වෙන්න පුළුවන්.
හැබැයි ඔවුන් කරන අනෙකුත් තර්ක නම් පිළිගන්න
අමාරුයි.පෞද්ගලිකරණය නවත්තන්න ඕනේ කියල කැ ගහන එකනම් නිකම් බොරු විහිළුවක් විතරයි දොස්තරලත්
වර්ජනය කරනවා පෞද්ගලික කැම්පස් වහන්න කියලා එකේ තියෙන ලොකුම විහිලුව තමයි එහෙම
කියල ඒගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ රජයේ රෝහල් වල විතරයි.පෞද්ගලිකරණය නවත්තන්න ඕනේ
කියලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා.හිනා
යන විහිලුවක් ඒක.පෞද්ගලිකරණය නවත්තන්න ඕනේ කියලා රජයේ රෝහලේ වර්ජනය කරලා හවසට ප්‍රයිවට්
හොස්පිටල් එකක බේත් දෙන එක ඇත්තටම ජෝක් එකක්.
ඒ වගේම තවත් එකක් තමයි රජයේ විශ්වවිද්‍යාල වලට ප්‍රයිවට්
කැම්පස් එපානම් රජයේ පාසල් වලට ටියුෂන් වගේම ජාත්‍යන්තර පාසල් අවුලක් නැත්ද?වැඩේ
කියන්නේ කැම්පස් එන ගොඩක් අය එලේවල් වලට ටියුෂන් ගිහින් ගොඩ දාගත්තු අය.ඒ වගේම ඒ
ගොල්ලෝ ස්කොලේ ආපු දවස් ගාන බැලුවොත් 40 %ක්වත් නැති තරම්.සතියේ දවස් වලත් ටියුෂන් ගිහින් ඇවිත්
පෞද්ගලිකරණය නවත්තන්න කියද්දී අමුතුයි.හැබැයි ඒ අතරේ ස්කොලේ ගිහින් ඒ මහන්සියෙන්
ගොඩ යන අයත් ඉන්නවා.එත් අද ඔය කෑගහන බහුතරය වැටෙන්නේ අනික් ගොඩට.
තවත් දෙයක් උද්ගෝෂණ කරද්දී ඒවාට එන්නේ එක පිරිසක්
විතරයි.අට්ටාල වල නැගල ඒවාට උදව් කරන්නේ සීමිත පිරිසක් විතරයි.අනික් කට්ට්ය ගෙදරට
වෙලා ඉන්නවා..ඇයි ඒ.මේ ප්‍රශ්නේ සීමිත පිරිසකට විතරක් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද.ඇයි
අනික් අය ඒවාට සහය පළකරන්නේ නැත්තේ.එකත් ප්‍රශ්නයක්.එතකොට උද්ගෝෂණ වලදී ගුටි
කන්නෙත් සීමිත පිරිසක්.ඒවාට පෙනි සිටින්නෙත් සීමිත පිරිසක්.ඇයි අනික් අයට ඒක වැදගත්
නැත්තේ.කගේ උවමනාවටද එහෙම වෙන්නේ.?
ඒ වගේම ප්‍රයිවට් කැම්පස් යන හැමෝම මෝඩයෝ නෙවෙයි.ඒ
අයගෙන් බහුතරයක් එක්කෝ ස්කොලේ කාලේ ස්පෝර්ට්ස් නැත්නම් කැඩෙට් හෝ බාහිර ක්‍රියාකාරකම්
වල යෙදුන අය.කෙලින් කිව්වොත් තමන්ගේ පාසල වෙනුවෙන් කැපකිරීම් කරපු උදවිය.ඉතින් එහෙම
අයට කැම්පස් යන්න හෝ එලේවල් ඉහලින් සමත් වෙන්න බැරි උනා කියල මෝඩයෝ වෙනවද?එහෙමත්
නැත්නම් එහෙම කියල උසස් අධ්‍යාපනය අකැපද?පාසල් කලේ පන්තිකාමර වලට වෙලා හිටපු උදවිය
කිසිම බාහිර වැඩක් නොකර කැම්පස් යනකොට ස්පෝර්ට්ස් සහ බාහිර ක්‍රියාකාරකම් කරලා උසස්
අධ්‍යාපනය නැතිව ගෙදරට වෙලා ඉන්න ඕනද? අද කෑගහන ගොඩක් අයත් ඒ ගොඩට වැටෙයි.ඒ වගේම
සමහරු ඔය දෙකම සමබරව කරගන්නවා.දැන් අහන්න තියෙන්නේ එහෙම ලකුණක් දෙකක් මදි වෙච්ච හෝ
අර වගේ ස්කොලේ කාලේ බාහිර වැඩ කරලා ස්කොලේ
වෙනුවෙන් දෙයක් කරපු උන්ට උසස් අධ්‍යාපනය එපාද ” දිමුතු-නිට්ටඹුව
මෙම තත්වය පිළිබද කෝණ කිහිපයකින් බලා විටෙක දෙපාර්ශවයෙන්ම සිට බලා එමෙන්ම කිහිප දෙනෙකුගේ
අදහස් ලබාගෙන සැකසු ලිපියකි.මෙම ලිපිය සදහා සහය වූ සැමට ස්තුතියි.ඔබගේ වටිනා කාලය
ලබාදුන්නට ස්තුතියි.වෙනස් වෙමු.එකතු වෙමු වෙනස් කරමු.එහෙම උනොත්නම් ලොකු දෙයක්.වැරදි තියෙනවනම් කියන්න. තෙරුවන්
සරණයි.
Need to Translate?Click here