ඉන්දියාවේ කොල්කටා නගරයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 18 දක්වා ඉහල ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
පාලම කඩා වැටීමෙන් 70 දෙනෙක් පමණ තුවාල ලැබූහ.
පාලමේ සුන් බුන් වලට යටවී සියයකට අධික පිරිසක් සිටින බව ද මාධ්‍ය සදහන් කරයි. එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග යුද හමුදාව මේ වන විට පාලමට යට වුවන් බේරා ගනිමින් සිටියි.
යටවී සිටින මිනිසුන් හඳුනාගැනීමට සංවේදක,පොලිස් බල්ලන් යවා ඇති බව ද සඳහන්ය. මෙවන් අපදා ඉන්දියාවේ බොහෝ සිදු වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
No comments:
Post a Comment