Sunday, April 3, 2016

මොරිසස් දූපත අසලින් මලයාසියානු ගුවන් යානයේ කොටස් හමුවේ ???

මිට වසර දෙකකට පෙර අතුරුදහන් වූ මලයාසියා  ගුවන් යානයේ සුන්බුන් කොටස් යැයි කිව හැකි කොටස් කිහිපයක් හමු වී ඇති බව  එරට මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානයක කැබිනයේ කොටස් යැයි සිතිය හැකි මේ කොටස් හමුවී ඇත්තේ මොරිසස් දුපත අසල රොද්‍රිගු දුපතේ සංචාරයකයන් දෙදෙනෙකුටය.
ගුවන් යානය පිළිබද පරීක්ෂණ සිදු කරන ඕස්ට්‍රේලියා නිලධාරීන්ට එම කොටස් ලබාදී ඇති බවට සදහන්ය.
2014 මාර්තු මස මැලේසියා  ගුවන් සමාගමට අයත් එම්.එච් 370 ගුවන් යානය ක්වාලාලම්පුර් සිට බිජින්ග් දක්වා ගමනේදී මගීන් 239ක් සමග අතුරුදහන් විය.

No comments: