Saturday, June 25, 2016

වසර 25 කදී මාධ්‍යවේදීන් දහසකගේ ජීවිත අහිවිවෙලා

මාධ්‍ය මර්දනය යනු බොහෝ රටවලින් ඇසෙන හුරුපුරුදු වචනයකි.තම වෘත්තීය ආරම්භ කළ දින සිට එය හොදින් මතකේ තබාගත යුතු වචනයක් වන්නේ බොහෝවිට මාධ්‍ය ජීවිතය තුල එවන් සිද්ධීන් වලට මුහුණ දෙන්නට සිදු වන නිසාය.
ආණ්ඩු විරෝධී,මත්කුඩු සහ ජාවාරම් විරෝධී මාධ්‍යවේදීන් හට බොහෝවිට එය අත්විදින්නට සිදු වෙයි.බිය වැද්දීම්,මරණ තර්ජන,පැහැරගැනීම් වැනි සිද්ධීන් නිතරම අපට ලොව පුරා සුලබව ඇසෙන්නට ලැබෙයි.
පහුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාවේද එවන් සිද්ධීන් වාර්තා විය. කෙටියෙන්ම කිවහොත් පසුගිය කාලයේ මාධ්‍ය මර්දනය සුදුවෑන් සංස්කෘතිය ලෙස ද හැඳින් විය හැකිය. ඒ බොහෝ දෙනකුට හිරි හැර කරන්නට හෝ පැහැර ගැනීමට ආවේ සුදුවෑන් වලින් බැවිණි.
මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සදහා වූ කමිටුව විසින් සිදුකරන ලද සමීක්ෂණයක තොරතුරු අනුව 1992 සිට ලොව පුරා මාධ්‍යවේදීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඉන් 71%ක් ම ඝාතනය කර තිබීම විශේෂත්වයකි.
2015 වසරේ ලෝකයේ මාධ්‍යව්දින් 199කු සිරගත කොට තිබෙන අතර මෙම වසරේ මේ වනතෙක් මාධ්‍යවේදීන් 10 දෙදෙනකුට තම ජිවිත අහිමි වී ඇතැයි එම කමිටුව සඳහන් කරයි.
මාධ්‍යවේදීන් සදහා අනතුරුදයකම රටවල් පිළිබද කළ සමීක්ෂණයක දී එම කමිටුව මෙම තොරතුරු අනාවරණය කොට තිබේ.
එමෙන්ම 2010 වසරේ සිට මාධ්‍යවේදීන්  රටින් පිටුහල් කරන ලද සිද්ධීන් 452ක් වාර්තා විය. ඉන් බොහොමයක් වාර්තා වන්නේ මැදපෙරදිග සහ අප්‍රිකාව දෙසිනි.
මාධ්‍යවේදීන්ට අනතුරුදායක රටවල් අතර 1992 සිට 2011 දක්වා කාලයේ සිදුවීම් වලට අනුව ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ සිටියි.ශ්‍රී ලංකාවේ 1992 සිට 2011 දක්වා කාලය තුල මාධ්‍යවේදීන් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි එම කමිටුව සඳහන් කරයි. තවද තහවුරු නොකළ මරණ සංඛ්‍යාව හයකි.
ඉන් 63%ක් දේශපාලන පලිගැනීම් ලෙස සිදු කල ඝාතන බව එම කමිටුවේ අදහසයි.මෙම ඝාතන සහ ජිවිතක්ෂයට පත්වීම් අතුරින් වැඩි ප්‍රතිශතයක මරණ වාර්තා වන්නේ 2004-2009 දක්වා කාලයේ දී ය. ජිවිතක්ෂයට පත්වූ අයගෙන් බොහොමයක් පුවත්පත් මාධ්‍යවේදීන් වන අතර ජිවිතක්ෂයට පත් වුවන් අතරින් 84%ක් පිරිමි මාධ්‍යවේදීහු වෙති.
1999 සිට 2009 දක්වා තහවුරු කරන ලද ජ්විතක්ෂයට පත් වූ මාධ්‍යවේදීන්ගේ නාමලේකනය ඔවුන් එළි දක්වා තිබේ. එල්ටීටීඊයට සම්බන්ධ බව කියන මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද එම ලැයිස්තුවේ වෙති.(මාධ්‍යවේදියාගේ නම,සේවය කළල මාධ්‍ය ආයතනය,මියගිය දිනය සහ ස්ථානය පිලිවෙලින් දැක්වේ)
ශෝබා(ඕලිව්වෙච්චි)- මැයි 18 හෝ 19, 2009, මුල්ලිවයික්කාල් හි දී
පුන්යමුර්ති සත්‍යමුර්ති(නිදහස් මාධ්යවේදී) - පෙබරවාරි 12, 2009, මුලතිව් දිස්ත්‍රික්කයෙදී
ලසන්ත වික්රමතුංග(ද සන්ඩේ ලීඩර්) - ජනවාරි 8, 2009, කොළඹ
රශ්මි මොහොමඩ්(සිරස ටීවී) - ඔක්තෝබර් 6, 2008, අනුරාධපුර දී
පරානිරුපසිංහම් දේවකුමාර් (නිවුස් ෆස්ට්) - මැයි 28, 2008, යාපනයේදී
සුරේෂ් ලින්බියෝ(කොටි හඬ) - නොවැම්බර් 27, 2007, කිලිනොච්චියේදී
ටී තර්මලිංගම්(කොටි හඬ)- නොවැම්බර් 27, 2007, කිලිනොච්චියේදී
ඉසයිවිසී චෙම්පියාන්(කොටි හඬ) - නොවැම්බර් 27, 2007, කිලිනොච්චියේදී
සෙල්වරාජා රාජිවර්ජම්(උදයන්)- අප්‍රේල් 29, 2007, යාපනයේදී
සුභාෂ් චන්ද්‍රබෝස්(නිලාම්) - අප්රේල් 16, 2007, වව්නියාවේදී
සුබ්රමනියම් සුගිතරාජාහ්(සුඩාර් ඔලි) - ජනවාරි 24, 2006, ත්රිකුණාමලයේදී
රේලංගි සෙල්වරාජා(ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව)- අගෝස්තු 12, 2005, කොළඹ දී
ධර්මරත්නම් සිවරාම් (අයිලන්ට්, ඩේලි මිරර්)-අප්රේල් 29, 2005, කොළඹ දී
ලංකා ජයසුන්දර(විජය ප්රකාශන) - දෙසැම්බර් 11, 2004, කොළඹ දී
බල නඩරාජා අයියර්(තිනමුරසු හා තිනකරන්)- අගෝස්තු මස 16, 2004, කොළඹ දී
අයිඅතුරයි නඩේසන්(වීරකේසරී)-  මැයි 31, 2004, මඩකලපුවේදී 
මිල්වාගනම් නිර්මලරාජන්(බීබීසී, වීරකේසරී,රාවය) - ඔක්තෝබර් 19, 2000, යාපනයේදී 
අනුර ප්‍රියන්ත(ස්වාධීන රූපවාහිනී සේවය)- දෙසැම්බර් 18, 1999 කොළඹ දී
ඉන්දික පතිනිවාසන් (මහරාජා) - දෙසැම්බර් 18, 1999 කොළඹ දී
1999 සිට 2009 දක්වා ජීවිතක්ෂයට පත්වූ බවට තහවුරු නොවූ සැක සහිත නාමලේඛණයක් ද ඔවුන් එළි දක්වා තිබේ.  (මාධ්‍යවේදියාගේ නම,සේවය කල මාධ්‍ය ආයතනය,මියගිය දිනය සහ ස්ථානය පිලිවෙලින් දැක්වේ)
සහදේවන් නිලක්ෂන් (චාලරම්) - අගෝස්තු 1, 2007, යාපනයේදී
සින්නතම්බි සිවමහරාජා(නමතු ඊලනාඩු) - අගෝස්තු 20, 2006, යාපනයේදී
සම්පත් ලක්මාල්(සත්දින) - ජූලි 1, 2006, කොළඹ දී
වස්තියන් ඇන්තනි මරියදාස්(නිදහස් මාධ්යවේදී) - දෙසැම්බර් 31, 1999, වවුනියාවේදී
අත්පුතරාජා නඩරාජා,(තිනමරසු) - නොවැම්බර් 2, 1999, කොළඹ දී
රෝහණ කුමාර,(සටන) - සැප්තැම්බර් 7, 1999, කොළඹ දී
මාධ්‍යවේදීන් අතුරුදන් වන රටවල් අතරින් සිරියාව, ඉරාකය, ලිබියාව, යේමනයේ වැනි සටන්කාමී කණ්ඩායම් පාලනය යටතේ ගැටුම් සිදුවෙන රටවල් ප්‍රමුඛතාවය ගනියි.
එමෙන්ම අතුරුදහන් වුවන් අතර ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ නම සදහන් වේ.ඒ 2010 ජනවාරි 24 දින එනම් 2010 ජනපතිවරණයට දින කිහිපයකට පෙර දිය.
(ලෝකයේ මාධ්‍යවේදීන් ඝාතනය වීම සහ අතුරුදන් කිරිම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව (සීපීජේ) සිදු කළ සමීක්ෂණයක් ඇසුරෙනි.)

නික්සන් ගෙදර යැවූ ‘ඩීප් ත්‍රෝට්‘ කවුදැයි වසර 33ක්ම රහසක්

පැනමා පත්‍රිකා පිටවීමේ සිද්ධියත් සමඟ පසුගිය කාලයේ ගවේෂණාත්මක මාධ්‍යකරනය ගැන වැඩි කතාබහක් ලෝකයේ ඇති විය.
ඒ ගැන වඩාත් ප්‍රසිද්ධම සිද්ධිය වෝටර්ගේට් සිද්ධියයි. මීට වරස ගණනාවකට පෙර වූ එම හෙළිදරව්වෙන් පසු ගවේෂණාත්මක මාධ්‍යකරණය ගැන ඉගැන්වීම් කරද්දී උදාරණයක් ලෙස වැඩි දෙනෙක් එම සිදුවීම ගනිති.
වොෂින්ටන්හි වෝටර්ගේට්  හෝටල් සංකීර්ණයේ හය වැනි මහලේ තිබුණු ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටු කාර්යාලයයට හොරෙන් කඩා වැදුණු පස් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ 1972 ජූනි 17 වැනි දා ය. එම සිද්ධිය සිදුවී මේ මාසයට වසර 44කි. මෙම ලිපිය ආන්දෝලනාත්මක වෝටර්ගේට් අපචාරය ගැනයි.
1970 වන විට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දරමින් සිටියේ රිචඩ් නික්සන්  ය. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙක් විය. එම සමයේ ඩිමොක්‍රටික් පක්ෂයේ මුලස්ථානය පිහිටියේ වොෂින්ටන්හි වෝටර්ගේට්  හෝටල් සංකීර්ණයේ හය වැනි මහලේය. එම ගොඩනැගිල්ලේ  මෙම සිදුවීම වීම හේතුවෙන් මෙය  ‘වෝටර්ගේට්‘ සිදුවීම ලෙස ප්‍රසිද්ධ විය.
වෝටර්ගේට් අනාවරණයෙන් පසු  නික්සන් පරිපාලනයේ සාමාජිකයන් විසින් සිදු කරන ලද රහසිගත මෙන්ම නීති විරෝධී කටයුතු රැසක් ද ආවරණය කරගැනීමට හැකි විය.   දුෂිත උපක්‍රම භාවිතයෙන් දේශපාලන විරුද්ධවාදීන්ට සිදු කරන ලද පළිගැනීම් සියල්ල අනාවරණය විය. එමෙන්ම එම පාලන සමයේ නික්සන් සහ ඔහුගේ සමීපතමයන් පෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්,බි,අයි), මධ්යම ඔත්තු සේවය (සීඅයිඒ) හා දේශීය ආදායම් සේවාව භාවිතා කරමින් ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කිරීමට නියෝග ලබාදී තිබිණු බව කරුණා කරනා සහිතව හෙළි දරව් විය.
 එම අනාවරණය මගින් නික්සන් අයතා ලෙස බලය පරිහරණය කළ බව ඔප්පු වූ අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් එද්දී  1974 අගෝස්තු නව වැනි  ඇමෙරිකා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට නික්සන්ට සිදු විය.    ඔහුගේ පාලනය යටතේ සිටි 69 දෙනෙකුට චෝදනා එල්ල වූ අතර ඉන් 25 දෙනෙකුගේ චෝදනා  ඔප්පු විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නික්සන්ගේ පරිපාලන නිලධාරීහු වූහ.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තරුණ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වූ බොබ් වුඞ්වර්ඞ් සහ කාල් බර්න්ස්ටයින් මෙම සුප්‍රසිද්ධ වෝටර්ගේට් අනාවරණය සිදු කළ ගවේශනාත්මක මාධ්‍යවේදීහු දෙදෙනාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ 37 වැනි ජනාධිපතිවරයා ලෙස රිචර්ඩ් නික්සන් 1969 ජනවාරි 20 වැනි දා තේරී පත් විය. 1972 වන විට ඊළඟ මැතිවරණය සඳහා තරඟ වැදීමේ මෙහෙයුම් නික්සන් දියත් කළේය.
1972 ජනවාරි මාසයේ දී නික්සන්ගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා වූ කමිටුවේ උපදේශක වූ ජී ගෝර්ඩන් ලිඩි එම කමිටුවේ වැඩබලන සභාපති ජෙබ් ස්ටුවර්ට්, නීතිපති ජෝන් මිචෙල් සහ ජනාධිපති උපදේශක ජෝන් ඩීන් වෙත ඔහු රහස් සැලැස්මක් ඉදිරිපත් කළේය.
ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණයකි. එහි නීති විරෝධී කටයුතු රැසක් අන්තර්ගත විය. කෙසේ වෙතත් ඩීන් සහ අනෙක් අය මෙම මෙහෙයුමට කැමති වූයේ නැත. මන්ද එය කළ නොහැකි බව ඔවුහු සිතූහ. කෙසේ හෝ ඔවුන් මෙම මෙහෙයුම භාර නොගත් අතර එය ලිඩි වෙත භාර විය.
ඔහුගේ මෙහෙයවීමෙන් 1972 මැයි මස වෝටර්ගේට් මුලස්ථානයට කණ්ඩායමක් රහසේ ඇතුළු වී එහි දුරකථන වලට ශ්‍රව්‍ය උපකරණ (වයර්ටැප් හෙවත් දුරකථන සංවාද වලට රහසේ සවන් දිය හැකි උපකරණ) සවි කරන කළහ. එමෙන්ම ගොඩනැගිල්ලේ දොරටු ආශ්‍රිතව මයික්‍රපෝන සහිත උපකරණ සවි කළේය. ඉන් නොනැවතුණු ඔවුහු එම පක්ෂයේ රහස් ලිපිගොනු කිහිපයක් සොරකම් කළහ.
ඔවුන් ටැප් කළ  දුරකථන අතර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සභාපතිවරයාගේ,   පක්ෂයේ ලේකම්වරයාගේ දුරකථනද තිබිණි.
 ඔවුන් සවි කළ එම උපකරණ ක්‍රියාවිර හිත වීමට පටන් ගත් අතර නැවතත් ජුනි මස 17 වැනි දා මධ්‍යම රාත්‍රියේ එම කණ්ඩායම මයික්‍රපෝන සහ අනෙකුත් උපකරණ සමග වෝටර්ගේට් මුලස්ථානයට ඇතුළු වූහ.
එම මුලස්ථානයේ දොරවල් දොරගුළු නොවැටෙන පරිදි ටේප් පටි දමා ඇති ආකාරය එහි ආරක්ෂක නිලධාරියෙකු දැක ඒවා ඉවත් කර තිබේ. එවර ඔහු එම තත්ත්වය නොසලකා හැර සිටි නමුත් නැවත වරක් පැමිණෙන විට පෙර පරිදිම දොරගුළු වල ටේප් පටි සිර කර තිබිණි. ඉන්පසු මෙම තත්ත්වය පොලිසියට දැනුම් දී තිබෙන අතර ගොඩනැගිල්ලේ රැදී සිටි පස් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වර්ජිලියෝ ගොන්සාලෙස්, බර්නාඩ් බාර්කර්, ජේම්ස් මැකොර්ඩ්, ඉයුජිනියෝ මාර්ටිනස් සහ ෆ්රෑන්ක් ස්ටර්ජිස් යන පිරිසට කුමන්ත්‍රණය කිරීම, අනවසරයෙන් ඇතුළු වීම සහ දුරකථන සහ සන්නිවේදන උපකරණ අවහිර කිරීම් යන චෝදනා එල්ල විය.
එමෙන්ම එම මෙහෙයුම මෙහෙයවූ ගෝර්ඩන් ලිඩිට ද කුමන්ත්‍රණය කිරීම් චෝදනා අධිකරණයේදී ඔප්පු විය. කෙසේ නමුත් මේ පිළිබද සිදු කෙරුණු පරීක්ෂණයකදී එම පුද්ගලයන්ගේ දුරකථන නාමාවලියේ සහ දුරකථන තොරතුරු අතර ජනපති මන්දිරයේ දුරකථන අංක තිබිණි. එමෙන්ම ජනපතිවරණ ප්‍රචාරණ කමිටුවේ ගිණුම් තොරතුරු හා ඔවුන්ගේ තොරතුරු ගැලපීමත් සමග මෙම සිදුවීමේ චෝදනා ජනපති නික්සන් වෙත ද එල්ල විය.
නමුත් 1972 අගෝස්තු මස මාධ්‍ය හමුවකදී මෙම සිදුවීමට තමා හෝ තම කාර්යමණ්ඩලය සම්බන්ධ නොමැති බව ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දු වීමත් සමග සැහෙන පිරිසක් නික්සන් ගැන විශ්වාසය තැබූහ.
ඉන් පසු  නොවැම්බර් මස පැවැත්වූ ජනාධිපතිවරණය ජයගැනීමට නික්සන්  සමත් විය.
වෝටර්ගේට් සාක්ෂි වසන් කිරීමට වෝටර්ගේට් සංකීර්ණයට ඇතුළු වූ පස් දෙනාට මුදල් සංග්‍රහ කිරීමට ඔහු පෙළඹී තිබිණි.  නික්සන්ගේ බලධාරීන්ගේ බලකිරීම මත ඔවුන් පස් දෙනා පලා ගොස් නඩුවාර මග හැරීය. ඉන් නොනැවතුණු ඔහු මධ්යම ඔත්තු සේවය භාවිත කර පෙඩරල් විමර්ශන කාර්යාංශයේ පරීක්ෂණ වලට බාධා එල්ල කළේය.  ජනාධිපති ධුරයේ බලය අයතා ලෙස යොදාගනිමින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීම වැනි බරපතල චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබිණි.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතෙහි මාධ්‍යවේදීන් දෙදෙනකු වූ බොබ් වුඞ්වර්ඞ් සහ කාල් බර්න්ස්ටයින්    නික්සන්ගේ වෝටර්ගේට් අපචාරය ගැන   දිගින් දිගටම අනාවරණය කරන්නට වූහ. වෝටර්ගේට් අපචාරය පිටුපස සිටින්නේ අන් කවරකුවත් නොව ඇමෙරිකා ජනපති නික්සන් බව ඔවුහු හෙළි කළහ.
මාධ්‍යවේදීන් දෙදෙනාට මෙම අනාවරණය කිරීමට තොරතුරු සැපයූ පුද්ගලයා  ‘ඩීප් ත්‍රෝට්‘ යන අන්වර්ත නාමයෙන් ඔවුන් හැඳින්වූහ.
මෙම හෙළි දරව්කිරීම් සමග ධවල මන්දිරයේ ප්‍රධාන නිලධාරියා ඇතුළු නිලධාරීන් ගණනාවක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
දිගින් දිගටම කළ අනාවරණයත් සමග වෝටර්ගේට් අපචාරය ගැන කරුණු සොයා බැලීමට තීරණය කළ සෙනට් සභාව එම පරීක්ෂණ ආරම්භ කළහ. ධවලමන්දිර ප්‍රධානියා වූ ජෝන් ඩීන් ද කමිටුවට පරීක්ෂණ කමිටුවට ගෙන්වා ප්‍රකාශ ගත්තේය. ඔහු සියල්ල වැමෑරීය. ජනාධිපතිවරයා පටිගත කළ හඬ පට ලබා දෙන ලෙස එම කමිටුව කළ ඉල්ලීම ඉටු කිරීම ජනපති නික්සන් මග හරින්නට විය.
එම හඬපටි සෙනට් සභාවට භාර දෙන ලෙස ඇමෙරිකා ශ්‍රෙෂ්ඨාධිකරණය ද තීරණය නියෝග කළේය.
අවසානයේ ජනපති නික්සන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගත්තේය. වෝටර්ගේට් අපචාරයෙන් තමාට කිසිසේත් ගැලවීමක් නැතැයි දැනගත් ජනපති නික්සන් 1984 අගෝස්තු අට වැනි දා ධුරයෙන් ඉල්ලා අස්විය. ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම ඇමෙරිකා ජනපති නික්සන් ය.
 මෙම සිදුවීමෙන් වසර 33ක් යන තුරුම මාධ්‍යවේදීන් දෙදෙනාට තොරතුරු සැපයූ පුද්ගලයා රහසක් ලෙස පැවැතිණි. ‘ඩීප් ත්‍රෝට්‘ අන්වර්ථ නාමයෙන් පමණක් ඔහු හැඳින්විණි.
ඔහු කවුරුන්දැයි ප්‍රථම වරට අනාවරණය වූයේ 2005 වසරේ දී ය. ඔහු නමින් මාර්ක් ෆෙල්ට් වන අතර 1970-1974 කාලයේ  එෆ්.බි.අයි   ඉහළ නිලධාරියෙකු ලෙස සේවය කළේය. ඔහු වොටර්ගේට් සිද්ධියට පෙර වුඩ්වර්ඩ්  දන්නා අයෙකි.
වෝටර්ගේට් සිද්ධිය වැදගත් තොරතුරු සොයා ගැනීමට සුදුසුම ආකාරය එෆ්බීඅයි ඉහළ නිලධාරියකු සම්බන්ධ කර ගැනීම බව සිතූ මාධ්‍යවේදීන් දෙදෙනා මෙම නිලධාරියා සම්බන්ධ කර ගත් බව කියති.
 වුඩ්වර්ඩ් සහ මාර්ක් ෆෙල්ට් කිහිප වතාවක්ම හමුවී තොරතුරු හුවමාරු  කර ගත් බවත්, රහසිගත ලෙස භූගත රථගාල් වල හමුවීම සිදුවූ බවත්,  නිතර රහස් සංකේත මගින් සන්නිවේදන කටයුතු සිදු කළ බවත් පසුව මාධ්‍යවේදීන් හෙළි කර තිබිණි.

මාධ්‍යවේදීන් දෙදෙනාට තොරතුරු සැපයූ ‘ඩීප් ත්‍රෝට්‘ අන් කවරකුවත් නොව මාර්ක් ෆෙල්ට් බව   2005 මැයි 31 වැනි දා පළ වූ සඟරාවක  පළ විය. ඒ වන විට මාර්ක්ට වසර අවුරුදු 90ක් පමණ විය. එදිනම බොබ් වුඩ්වයර්ඩ් හා කාල් බර්න්ස්ටයින් එම සඟරාවේ සඳහන් කාරණය සත්‍ය බව පිළි ගත්හ.

අවුරුදු 33ක් තිස්සේ සියලු දෙනාට ගැටළුවක් බවට පත්ව තිබූ ‘ඩීප් ත්‍රෝට්‘ ගැන අනාවරණය වූයේ ඒ අනුවය.

Need to Translate(click here)


http://www.lankadeepa.lk/index.php/articles/430112

Tuesday, June 14, 2016

ඉරවල් දෙකක් වටා කැරගෙන ග්‍රහයෙක් සොයා ගනී

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත විශාලතම ග්‍රහයා සොයාගැනීමට හැකි වී ඇත.එය සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති.

මෙම අලුත් ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාට සමාන විශාලත්වයකින් යුතුය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3700 ක දුරින් පිහිට ඇතැයි වාර්තා වෙයි. නාසා ආයතනය සහ සැන් ඩියාගෝ  විශ්ව විද්‍යාලය එක්ව මෙම පරීක්ෂණය සිදුකර ඇත.

එම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ වාසයට සුදුසු කලාපයක් බව කියයි.නමුත් එය ඉතා විශාල ග්‍රහ ලෝකයක් හේතුවෙන් ජ්වින් අපේක්ෂා කළ නොහැකි බව විද්‍යාඥයෝ පවසති.
සූර්යයන් යුගලයක් වටේ ගමන් කරන ග්‍රහ ලෝක ,ස්ටාර් වෝස් , චිත්‍රපටයෙන් පසු .ටැටුයින්. යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබීය.

පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තාන දේශ සිමාවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය   හේතුවෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. දේශ සිමාවේ ආරක්ෂකයන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර ඉන් ඇෆ්ගනිස්ථාන හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්විය. ඉන් සාමාන්‍ය වැසියෝ නව  දෙනෙක් හා හමුදා නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ.
ඉන් පසු එම ප්‍රදේශය ආශ්‍රිතව ඇදිරි නීතිය පැනැවීය.
මෙම තත්වය හේතුකොටගෙන දෙරට අතර කාර්යබහුලම දේශ සිමාව වන ටෝකම් දේශ සිමාව වසා තැබීමට සිදුවිය.
රාජ්‍යතාන්ත්‍රිකයන් හරහා මෙම තත්වය පාලනය කරගැනීමට කටයුතු යොදන බව  ඇෆ්ගන් නිලධාරීහු පවසති. දේශ සීමාවේ පකිස්තාන දිසාවේ දොරටුවක් සවි කිරීමට පාකිස්තානය ගත් උත්සාහයට ඇෆ්ගනිස්ථාන  නිලධාරීන් විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය හට ගෙන ඇත.

බලු මස් එපා

සුනඛයන් ආහාරයට ගන්නා වාර්ෂික උත්සවය තහනම් කරන ලෙස ඉල්ලා චීනයේ සත්ත්ව අයිතිය ක්‍රියාධරයන්  අත්සන් මිලියන 11 කින් යුත් පෙත්සමක් භාර දී තිබේ.
යූලින් නම් එම උත්සවය මෙම මස අග ආරම්භ වීමට නියමිත අතර එහි මුලිකවම සුනඛ මස් අනුභව කිරීම සිදු වෙයි. යූලින් නගරයේ දී ආරම්භ වීමට නියමිත එම උත්සවයට විරුද්ධව බොහෝ පිරිසක් විරෝධතාවයකද නිරත වූහ.  සමහර විරෝධතාකරුවන් තම සුරතල් බල්ලන්ද රැගෙන විත් තිබීම විශේෂත්වයකි.
මේ වන විට චීනයේ සත්ත්ව අයිතීන් වෙනුවෙන් ජනතාව තුල උද්‍යෝගයක් ඇති වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි. සතුන්ට  හොඳින් සැලකිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. යුලින් උළෙලේ දී මරා දැමෙන බොහෝ සුනඛයන් සොරකම් කරන ලද සුනඛයන් බව විරෝධතාකරුවෝ පවසති.
මේ ගැන ලන්ඩනයේ ද පෙත්සමක් අත්සන් කර චීන තානාපති කාර්යාලයට භාර දීමට කටයුතු සිදුවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිය වසරේ තිබූ උත්සවයේදී සුනඛයෙකු මැරීමට පෙර මිලක්ද නියම කළ බවට සදහන් වේ.
මිනිස් පරිබෝජනය සදහා මිලියන 30 ක් පමණ සුනඛයින් ඝාතනය වන බවට ද චීනයේ මෙන්ම කොරියාවේ ද සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනක අතීතයක සිට පැවතෙන බවට ද සදහන් වේ. කෙසේ වෙතත් සුනඛ මස් ආහාරයට ගැනීම සෞඛ්‍යට හිතකර බව එම උත්සවයට සහය පළ කරන පිරිස් පවසති.


Sunday, June 12, 2016

පවුලේ අකමැත්තෙන් විවාහ වූ නිසා දියණිය මරලා

පවුලේ කැමැත්ත නොමැතිව විවාහ වීම නිසා තම දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් පකිස්ථානයේ ලාහෝර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය කියයි
මරණයට පත් සිනාත් රාෆික් (18) නම් තරුණියගේ ශරීරයේ හිරිහැරයන්ට ලක් වූ ලක්ෂණ පෙන්නුම් කරන බවත් පෙට්‍රල් භාවිතයෙන් ඇයගේ සිරුරට ගිනි තබා ඇති බවත් පොලිසිය පවසයි. සිනාත් රාෆික් ගේ ගෙල සිර කර ඇත්දැයි සක සහිත බවද පොලිසිය සදහන් කළේය. මෙම සිදුවීමෙන් අනතුරුව ඇගේ සහෝදරයා පල ගොස් ඇති බවත් මේ වන විට පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බවත් වාර්තා වෙයි.
ඇගේ මව නිවසේදී දේහය සමග සිටි අතර මේ වන විට ඇය අත්අඩංගුවේ පසු වෙයි. ඇගේ මව මෙම අපරාධය පාපොච්චාරණය කර ඇති නමුත් අවුරුදු 50 ක් වයසැති කාන්තාවක් පවුලේ සාමාජිකයන්ගේ කිසිදු උපකාරයක් නොමැතිව මෙවන් ක්‍රියාවක් සිදු කළැයි විශ්වාස නොකළ හැකි බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේය. වේදනාවෙන් මොර දෙන හඩ ඇසුණු අසල්වැසියන් පොලිසිය ඇමතු නමුත් පොලිසිය පැමිණෙන විටත් ඇය මිය ගොස් සිටි බව මාධ්‍ය වාර්තා පවසයි.
මිට සතියකට පෙර ඇය තම සමග විවාහ වූ බවත් ඒ බව ඇයගේ දෙමාපියන්ට පැවසු පසු ඇයට නැවත පැමිණෙන ලෙස ද විවාහ උත්සවයකින් නැවත ඔහු වෙත භාර දීමට පොරොන්දු වූ බවද ඇයගේ සැමියා වන හසන් ඛාන් පවසයි ආදරය හා විවාහය හේතුවෙන් කාන්තාවන්ට හිරිහැර බහුලව සිදුවෙන පාකිස්තානයේ මාසයක් තුළ වාර්තා වූ තෙවැනි සිදුවීම මෙය බවට මාධ්‍ය සඳහන් කරයි. පසුගිය සතියේ ද විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා මාරියා සදාකාත් නම් තරුණ පාසල් ගුරුවරියක් ඉස්ලාමාබාද් නගරය ආසන්නයේ දී ගිනි තබා තිබේ. ඇය පිළිස්සීම හේතුවෙන් ඇති වූ තුවාල නිසා දින තුනක් දුක්විඳ මිය ගොස් තිබේ. එමෙන්ම තම මිතුරියකට පෙම්වතා සමග පළා යාමට උදව් කිරීම නිසා ඇබොට්ටාබාද් අසල ගමක ප්‍රජා මූලිකයන් විසින් තරුණියක් පුළුස්සා ඝාතනය කිරීමට නියෝග දී තිබුණි.

උතුරු කොරියානු නායකයා දුම් බොනවා රටම දකී

උතුරු කොරියානු නායක කිම් ජොංග් ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කරන අවස්ථාවක් පිළිබද උතුරු කොරියාවේ මෙන්ම ලෝකයේම අවධානය යොමු වී තිබේ. දුම්පානය විරෝධී ව්‍යාපාරයක් රට තුල ක්‍රියාත්මක වන අවධියේම ඔහු මෙලෙස ක්‍රියා කිරීම පිළිබඳ බොහෝ මිනිසුන් විරෝධය පල කරයි. ප්යොංයැං හි ළමා කඳවුරක සංචාරයක් අතරතුර ඔහුගේ දකුණු අතේ දුම්වැටියක් දැක්වෙන අවස්ථාවක් එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය විය. පුවත්පත් වාර්තා අනුව දුම්පානය කිරීම ඔහුගේ පුරුද්දක් වන අතර අළු බදුනක් සැමවිටම ඔහුගේ මේසය මත තිබෙන බව සදහන් වේ. කැමරාවට ඇති බිය නිසා ඔහු නිල රාජකාරි කටයුතු වලදී දුම්බීම නතර කර ඇති අතර පසු ගිය මාර්තු මස ද කිම් ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමක් වාර්තා විය. ඒ උතුරු කොරියානු රොකට් මෝටර් යන්ත්‍ර පුහුණුවක් අතරතුරදීය. ඔහුගේ පියා වන කිම් ජොංග්-ඉල් ද අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙක් බවට වාර්තා වෙයි. රටේ උත්තරීතර නායකයා මෙලෙස ක්‍රියාකිරීම අසෝබන බවට එරට විචාරකයෝ පවසති ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි උතුරු කොරියානු ජනගහනයෙන් හරි අඩක් 2012 වන විට දුම් පැනයට ඇබ්බැහි වී තිබේ. එය ආසියාවේ ඉහලම අගයන් වලින් එකක් බවට විචාරකයෝ පවසති.